අපි මෙහිදී සටහන් කරන්නේ විකා, ප්‍රායෝගිකව භාවිතා කිරීම ගැනයි. විකා අවබෝධ කර ගැනීමට ඇති හොඳම ක්‍රමය එය ප්‍රායෝගික්ව භාවිතා කිරීමයි.
පුර පසලොස්වක සඳ ඇති රාත්‍රීන් (Sabbat) වලදී සහ සෘතු සංවත්සර දින අටෙහිදී (Esbat) සාමාන්‍යයෙන් මෙම පූජා කර්ම සිදු කරනු ලබයි. පුර පසලොස්වක සඳ ඇති දින වලදී චන්ද්‍ර දේවතාවිය වන්දනා කිරීමත් සෘතු සංවත්සර දින වලදී සූර්ය දෙවියන් වන්දනා කිරීමත් මූලික වේ. නමුත් මෙම පූජා කර්ම දෙකෙහිදීම දෙවියන් සහ දේවතාවිය දෙදෙනාම වන්දනා කරනු ලබයි.
විකා පූජා කර්මයක මූලික පරමාර්ථය චාරිත්‍ර පූජාවක් වශයෙන් දෙවියන් සහ දේවතාවිය වන්දනා කිරීමයි. නමුත් පූජා කර්මය අතර මැද මායා මන්ත්‍ර ශාස්ත්‍ර (Magic/Witchcraft) සඳහා යොදා ගත හැක. විකා පූජාකර්මයක් අතරමැද යොදාගත් විට මායා මන්ත්‍ර ශාස්ත්‍ර වඩා බලවත් සහ සාර්ථක වේ. සෘතු සංවත්සර දින මේ සඳහා ඉතා යෝග්‍ය වන බලවත්, ඓශ්චර්යමත් දින අටකි. පුර සඳ ඇති පසලොස්වක දින 13ද මායා මන්ත්‍ර ශාස්ත්‍ර සඳහා යෝග්‍ය වේ. මායා මන්ත්‍ර ශාස්ත්‍ර වලින් යමක් ලබා ගැනීම, වර්ධනය කර ගැනීම වැනි දේ සඳහා පසලොස්වක දිනට පෙර දිනයත්, යමක් දුරු කිරීම, නැති කිරීම වැනි දේ සඳහා පසලොස්වක දිනට පසු දිනයත් යොදා ගැනීම වඩා යෝග්‍ය වේ.
පූජා කර්මයක් ප්‍රධාන කොටස් 9කින් යුක්තයි. මේවා නම්:
1. තමා පිරිසිදු වීම
2. අවකාශය පිරිසිදු කිරීම
3. ශුද්ධ වූ අවකාශය සැකසීම (වෘත්තය)
4. දේවාරාධනය
5. පූජා කර්මය (පසලොස්වක සහ සෘතු සංවත්සර)
6. ශක්තිය නැංවීම (මායා මන්ත්‍ර ශාස්ත්‍ර සඳහා)
7. ශක්තිය බිම් ගැන්වීම
8. දෙවියන්ට සහ දේවතාවියට ස්තූති පිදීම
9. වෘත්තය විවෘත කිරීම
විකා පූජා කර්ම සිදු කරන දින සහ විකා වලදී භාවිතා කරන පූජා භාන්ඩ ගැනත් පූජා කර්මයක මෙම කොටස් 9 ගැනත් ඉදිරි ලිපි වලින් විස්තර කිරීමට බලාපොරොත්තු වෙමු.
Showing posts with label Ritual. Show all posts
Showing posts with label Ritual. Show all posts
විකා - පූජාකර්ම
Subscribe to:
Posts (Atom)