ආඥාව (The Charge)

මෙය අයත් වන්නේ ගාර්ඩ්නේරියානු සම්ප්‍රදාය(Gardnerian Tradition) ට ය. විකා සම්බන්ධ බොහෝ සංකල්ප මේ තුලින් අවබෝධ කර ගත හැකිය. මෙම චාරිත්‍රය සාමන්‍යයෙන් සිදු කරන්නේ ප්‍රධාන පූජක වරිය තුලට චන්ද්‍ර දේවතාවිය ආරාධනා කිරීමෙන් පසුවය.

ප්‍රධාන පූජකයා / Magus:
අතීතයේ සිටි මනුශ්‍යයන් අතර, ආර්ටෙමිස්, අස්ටාර්ටෙ, ඩියෝනෙ, මෙලුසීන්, ඇෆ්‍රොඩෙයිට්, කෙරිඩ්වෙන්, ඩයානා, අරියන්‍රොඩ්, බ්‍රයිඩෙ ආදී නම් වලින් වන්දනා වූ මහා මාතාව ගේ වචන වලට සවන් දෙව.
"Listen to the words of the Great mother, who of old was also called among men Artemis, Astarte, Dione, Melusine, Aphrodite, Cerridwen, Diana, Arianrhod, Bride, and by many other names."

ප්‍රධාන පූජක වරිය / High Priestess:
මාගේ අල්තාරය අබියස ස්පාටා අගනුවර යෞවනය ද කැප විය...
"At mine Altars the youth of Lacedaemon in Sparta made due sacrifice...

කිසියම් හෝ උවමනාවක් ඔබට වේද, මසකට වරක්, චන්ද්‍රයා පූර්ණ දිනෙක යම් රහසිගත තැනෙක සියල්ලෝ රැස් විය යුතු, සකල මායා මන්ත්‍ර ශාස්ත්‍රයන්ටම අග්‍ර රාජිණිය වූ මාගේ ආත්මය වන්දනා කල යුතුය.
Whenever ye have need of anything, once in the month, and better it be when the moon is full, ye shall assemble in some secret place and adore the spirit of Me who am Queen of all Witcheries and magics.

මායා මන්ත්‍ර ශාස්ත්‍ර අත්‍යන්ත රහස් තවද නොදත්, ඒ ඉගෙනුමට රිසි සියල්ලෝ එහි රැස් විය යුතූ, නොදත් සියලු රහස් කියා දෙමී.
There ye shall assemble, ye who are fain to learn all sorcery, yet have not won its deepest secrets. To these will I teach things that are yet unknown.

ඔබ සියල්ලෝම සත්‍ය වශයෙන්ම නිදහස් වන බවට සංකේත වශයෙන් සියලු මිනිසුන් සහ ගැහැනුන් නිර්වස්ත්‍රව සිට වන්දනා කල යුතූ, මාගේ වන්දනාවට නැටුම්, ගැයුම්, වාදන, භෝජන සහ ආදරය ද කල යුතුය.
And ye shall be free from slavery, and as a sign that ye be really free, ye shall be naked in your rites, both men and women, and ye shall dance, sing, feast, make music, and love, all in my praise.

පෘථිවි තලය මතදී වුවද ඔබට අමරණීයත්වයේ අමෘතය රස බැලීමට රහස්‍ය දොරටුවක් මා තනා ඇත.
There is a Secret Door that I have made to establish the way to taste even on earth the elixir of immortality.

"සැපතද, පෘථිවිය මත සතුටද මගේම වේවා, මටත් වේවා'' යැයි කියනු, මා ඓශ්චර්යමත් දේවතාවියයි.
Say, `Let ecstasy be mine, and joy on earth even to me, To Me,' For I am a gracious Goddess.

මා ඔබට නොසිතූ අයුරු සැපයද පෘථිවි තලය මතදීම දෙමි, නියතයෙන් ම ජීවිතය පුරා හුදු විශ්වාසය නොව!
I give unimaginable joys on earth, certainty, not faith, while in life!

මරණයෙන් මතුද, වචන නොමැති සාමයේ සැපතද සුවයද දෙමි, බිලි වශයෙන් කැප නොඉල්ලමි!
And upon death, peace unutterable, rest, and ecstasy, nor do I demand aught in sacrifice."

ප්‍රධාන පූජකයා / Magus:
තරිඳුපති වූ දේවතාවියගේ වචන අසව."
Hear ye the words of the Star Goddess."

ප්‍රධාන පූජක වරිය / High Priestess:
මලානික වූද ප්‍රාණවත් වූද, සැඟවුනා වූද ප්‍රභාමත් වූද සියල්ලනි මා නුඹට ආදරය කරමි, අනුකම්පා කරමි."
I love you: I yearn for you: pale or purple, veiled or voluptuous.

අත්‍යන්ත හැඟීම තුල ප්‍රභාමත් වූ සැපයේ මත් බව මා වෙමි, නුඹ කැමැත්තෙමි.
I who am all pleasure, and purple and drunkenness of the innermost senses, desire you.

ඔබ තුල දරණ ගැසී සැඟවුනු මහත් බව තටු ලැබ නැගී ආයෙමි.
Put on the wings, arouse the coiled splendor within you.

සියලු තාරකා වල අභ්‍යන්තරයේත් සියලු මනුශ්‍යයන්ගේ හදවත් තුලත් දිලෙන ගිනි දැල්ල මා වෙමි, මා වෙත එව.
Come unto me, for I am the flame that burns in the heart of every man, and the core of every Star.

ඔබේ අත්‍යන්ත දිව්‍යමය ශරීරය අනන්ත සතුටේ අනවරත උද්යෝගය තුල ගිල්වන්න.
Let it be your inmost divine self who art lost in the constant rapture of infinite joy.

සුන්දරත්වයත් සතුටත් මුසුව නිවැරදිව වන්දනා කරන්න.
Let the rituals be rightly performed with joy and beauty.

සතුටේත් ආදරයේත් සියලු හැසිරීම මා වෙත කෙරෙන වන්දනාවන් බව මතක තබා ගන්න.
Remember that all acts of love and pleasure are my rituals.

සුන්දරත්වයත් ජවයත්, පොපියන හසරැලිත්, බලයත් තේජසත් ඔබ තුල වේවා.
So let there be beauty and strength, leaping laughter, force and fire by within you.

එතෙකුදු ඔබ මෙසේ කියයි නම්, එනම් "මා ඔබ වෙත සොයා පැමිණියද ඵලක් වූයේ නොමැත";
And if thou sayest, `I have journeyed unto thee, and it availed me not,'

නො එසේනම් ඔබ කිව යුතූ, " මා ඔබ යැද සිට, ඉවසා බලා සිටීමි, හෝ!, ඔබ මා සමඟ ආරම්භයේ සිටම සිටියාය!"
rather shalt thou say, `I called upon thee, and I waited patiently, and Lo, thou wast with me from the eginning,'

එවිට, සියලු ආශාවන්ගේ කෙලවර හෝ මා පැතූවන් මා හමු වේ.
for they that ever desired me shall ever attain me, even to the end of all desire.

4 comments:

Wasana Pathirana said...

පරිවර්තනයේදී වචන භාවිතා කර ඇති ආකාරය ඉතා අලංකාරයි. මේවායේ අමුතුම සුන්දරත්වයක් තියෙනවා. ඒත් කියවනකොට පුංචි බයකුත් දැනෙනවා.

Wiz Kun said...

ඔබේ ප්‍රතිචාරයට, අගය කිරීමට බොහොම ස්තූතියි.

අලුත් බවක් ඇති ඕනෑම දෙයක් කෙරෙහි බිය ඇති වීම ස්වාභාවිකයි. එය ඇති වන්නේ මීට පෙර අත් නොවිඳි දෙයක් නිසා වෙන්නට පුලුවන්.

ඔබ විස්තර කර ඇති සුන්දරත්වය පිලිබඳ හැඟීම තමයි මේ පිලිබඳ දිගටම ඉඟෙනීමට මා පෙලඹවූයේ.

Anonymous said...

අලුත් දෙයක්. ගතයුතු හා නොගතයුතු දේවලුත් තියනවා.

Wiz Kun said...

ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔවු, මෙය සාපේක්ශව අලුත් (1954 සිට) දෙයක් ලෙස සැලකිය හැකියි.