Wicca සහ Witchcraft ගැන ලියවුනු හොඳ පොත් මොනවාද!

විකා සහ Witchcraft ගැන interest එකක් ඇති අය කිහිපදෙනෙක්ම මේ ලඟකදී හමු වුනා. බොහෝදෙනෙකුට ඇති ගැටලුවක් තමයි මේ විශය සම්බන්ධ හොඳ පොත් මොනවාද කියන එක. මේ විශය සම්බන්ධ පොත් කිසිවක් ලංකාවේ කිසිම පුස්තකාලයකින්වත් පොත් සාප්පුවකින්වත් සොයාගැනීමට බැරි වූ නිසා (තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න) අන්තර්ජාලයෙන් ඇනවුම් කර (amazon, llewellyn ආදී අඩවි වලින්) ගෙන්වාගන්නට සිදු වුනා. ඊට පෙර මට කියවන්නට ලැබුනේ අන්තර්ජාලයෙන් බාගත කරගත් pdf (e-book).

මේ විශය සම්බන්ධයෙන් මා මුලින්ම කියවූ පොත තමයි Raymond Buckland ගේ Complete Book of Witchcraft. එය ඉතා හොඳ පොතක් නමුත් මුලින්ම කියවිය යුතු පොතක් ලෙස මා සිතන්නේ නැහැ; විශය ගැන යම් අවබෝධයක් ලබාගත් පසු කියවීමට සුදුසුයි.

මට හමුවූ හොඳම පොත ලෙස Scott Cunningham ගේ Wicca a guide for the solitary practitioner හඳුන්වා දිය හැක. එම පොත කියවීමෙන් පසු Scott Cunnigham මගේ ප්‍රියතම ලේකඛයා බව මට සිතුනා. එහි දෙවන කොටස වන Living Wicca A further guide for the solitary practitioner ගිය සතියේ තැපෑලෙන් ලැබුනා. එයත් ඉතා හොඳ පොතක්.

ඒ සමඟම Silver RavenWolf ගේ To Ride a Silver Broomstick පොතත් මා ගෙන්වා ගත්තා. මා සිතා සිටියාටත් වඩා Silver RavenWolf හොඳින් ඒ පොත ලියා තිබෙනවා.

මේ දම් පාටින් ඇති පොත් කවරය Silver RavenWolf ගේ පොතේ මුල්ම සංස්කරණයයි. ඒත් පිටකවරයේ තිබෙන විදිහට අහසින් යන හැටි ගැන නම් පොතේ සඳහන් වෙන්නේ නැහැ. LOL! මුල් සංස්කරනයේ තිබූ සමහර සුලු කරුනු කිහිපයක් ගැන කිහිපදෙනෙක් කර තිබූ දෝශ දර්ශන නිසා මේ පොත ගැන මුලින් එතරම් පැහැදීමක් නොතිබුනත් ටිකක් කියවූ පසු ඉතා හොඳ පොතක් බව පෙනී ගියා.

ඉතා පැරණිම මූලාශ්‍ර සෙවීමට කැමැත්තක් ඇතිනම් Gardnerian Book Of Shadows, Alexandrian Book Of Shadows සොයාගත යුතු වනවා. මේවා Public Doman එනම් හිමිකම් නො ඇවිරුනු පොත් නිසා ඔනෑම කෙනෙකුට පිටපත් කර ගත හැකියි. මේ පොත් දෙකේම අන්තර්ගතය බොහෝ දුරට සමානයි. නමුත් මේ පොත් දෙකම මුලින්ම කියවිය යුතු පොත් ලෙස මා සිතන්නේ නැහැ. විශය ගැන යම් අවබෝධයක් ලබාගත් පසු කියවීමට සුදුසුයි. Charles Godfery Layland ගේ Aradia පොත කියවා ඇති කෙනෙකුට එහි සමහර කොටස් සහ Gardnerian Book Of Shadows හි ඇති සමහර කොටස් සමපාත වන ආකාරය අධ්‍යයනය කල හැකියි. නමුත් Aradia කෙලින්ම Wicca වලට සම්බන්ධ නැති පොතක්. එහෙත් Wicca ගැන උද්යෝගයක් ඇති අයෙකුට කියවීමට සුදුසු පොතක්.

ඒත් Scott Cunnigham ගේ පොත් පෙල තරම් වටිනා පොත් පෙලක් තවත් නැහැ. නමුත් Cunningham කියන ආකාරයටම මේ විශය සම්බන්ධව එක් ලේකඛයෙකු දෙදෙනෙකු ලියූ පොත් කිහිපයක් කියවීම ප්‍රමානවත් වන්නේ නැහැ. හැකි තරම් විවිධ දෘශ්ටි කෝන වලින් ඇති පොත් කියවිය යුතුයි.

2 comments:

Anonymous said...

මෙය පරීක්ෂාකර බලන්න.
http://gigapedia.info/1/Wicca
නොමැති නම් http://gigapedia.org වෙත පිවිස ගිණුමක් විවෘත කොට Wicca හෝ Witchcraft පද යොදා සොයා බැලීමක කරන්න.

Wicca යන පදය යටතේ ලැබුනු පොත් කිහිපයක් නම්,
01. Wicca for Couples: Making Magick Together by: A. J. Drew
02. Wicca Spellcraft for Men: A Spellbook for Male Pagans by: A. J. Drew
03. Wicca and the Christian Heritage: Ritual, sex and magic by: Joanne Overend
04. Exploring Wicca by: Lady Sabrina
05. Hour of the Witch: Harry Potter, Wicca Witchcraft and the Bible by: Steve Wohlberg

මා මේ විෂය පිළිබඳව කිසිවක්ම නොදන්නෙමි. මෙය ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි

Wiz Kun said...

ඔබට බොහොම ස්තූතියි.