විකා - අල්තාරය සහ වෘත්තය

විකා පූජා කර්මයක් හෝ මායා මන්ත්‍ර ශාස්ත්‍ර සිදු කිරීමේදී අවශ්‍ය වන මූලිකම වස්තු දෙකක් නම් අල්තාරය සහ වෘත්තයයි. පූජා කර්මයේ හෝ මායා කර්මයේ සියලුම කටයුතු සිදු කරන්නේ වෘත්තය තුල සිටයි. පූජා භාන්ඩ සහ මායා කර්ම සඳහා අවශ්‍ය දෑ තැබීමට අල්තාරය භාවිතා කරයි.

වෘත්තය බිම සලකුනු කරන සීමාවකි. පූජා කර්මය සිදු කරන කාලය තුලදී වෘත්තය තුල සිට පිටතටත් පිටත සිට ඇතුලටත් කිසිවෙක් ගමන් නොකල යුතුය. එසේ ගමන් කල යුතුම වීනම්, වෘත්තය හරහා දොරක් විවර කර ගමන් කල යුතුය.

වෘත්තය අඩි 5 සිට අඩි 9 හෝ ඊට වඩා විශ්කම්භයක් ඇති ලෙස නිර්මානය කල හැක. වෘත්තය සැකසීමේදී මුලින්ම එහි මැද Atheme (කිනිස්ස) හෝ කඩුව සිටුවා එය වටා ලනුවක් දමා ගත යුතුය. ඉන් පසු ලනුවේ අනෙක් කෙලවර ඒ වටා වෘත්තාකාරව ගෙන යමින් පොලොවේ සටහන් කර ගත යුතුය. එලිමහනේ නම් පොලොව හෑරී යන ලෙස දන්ඩකින් ලකුනු කල හැක. නැතිනම් තවත් ලනුවක් තැබීමෙන් සලකුනු කල හැක. ගොඩනැඟිල්ලක් තුල දී නම් හුනු කූරකින් හෝ ලනුවක් තැබීමෙන් යන ක්‍රම දෙකටම වෘත්තය සටහන් කල හැක.

වෘත්තය ආරම්භ කිරීමට ප්‍රථම, පූජාව සහ මායාකර්ම සඳහා අවශ්‍ය වන සියලු දේ අල්තාරය අසලට ගත යුතුය. වෘත්තය සකසන්නේ අල්තාරය මැදි කරගෙනය.

වෘත්තය සටහන් කිරීමෙන් පසු එය තුන් ආකාරයකින් ආරක්ෂා කල යුතුය. වෘත්තය ආරම්භ කිරීමේදී එය වටා දකුනු අතට ගමන් කරමින් සිදු කල යුතුය. එමෙන්ම අවසන් කිරීමේදී වම් අතට ගමන් කරමින් සිදු කල යුතුය. මුලින්ම, වෘත්තය වටා දකුනු අතට යමින් ආසිරි පැන් ඉසිය යුතුය. ඉන් පසු Atheme (කිනිස්ස) ගෙන යමින්, ඒ ඔස්සේ අභ්‍යන්තර ජීව ශක්තිය යොමු කරමින් වෘත්තය තැනිය යුතුය. මෙම වෘත්තය පොලොවේ වෘත්තයක් ලෙස සටහන් කලද එය අවකාශයේ ගෝලයක් ලෙස පිහිටිය යුතුය. මෙම ගෝලය පොලොව හරහා කැපෙන සීමාව වෘත්තය වේ. මෙම් ගෝලය තැනෙන්නේ Atheme හරහා ඔබ යොමු කරන ඔබේ අභ්‍යන්තර ජීව ශක්තියෙනි. ඉන් පසුව වෘත්තය වටා සුවඳ දුම් ගෙන යමින් වෘත්තය සෑදීම අවසන් කල යුතුය.

වෘත්තය ආරම්භ කිරීමෙන් පසු එය ආරක්ෂා කිරීමට සතර දිශා වල මුර දේවතාවන්ට ආරාධනා කල යුතු වේ. සතර දිශා වල මුර දේවතාවන්ට වර්ණ ඉටි පන්දම් සතරක් දල්වා වෘත්තය තුල සතර දිශා වලින් තබා ඔවුන්ට ආරාධනා කල යුතුයි.

උතුර - පොලොව - කොළ
නැගෙනහිර - සුලඟ - කහ
දකුණ - ගින්න - රතු
බටහිර - ජලය - නිල්

මුර දේවතාවුන් ආරාධනා කිරීමට මෙසේ කිව යුතුය.

Guardian Angles of the Watchtowers of North, Spirits of Earth, I invite you to protect this circle.
උතුරට අධිපති මුර දේවතාවුනි, පොලොවට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.

Guardian Angles of the Watchtowers of East, Spirits of Air, I invite you to protect this circle.
නැගෙනහිරට අධිපති මුර දේවතාවුනි, සුලඟට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.

Guardian Angles of the Watchtowers of South, Spirits of Fire, I invite you to protect this circle.
දකුණට අධිපති මුර දේවතාවුනි, ගින්නට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.

Guardian Angles of the Watchtowers of West, Spirits of Water, I invite you to protect this circle.
බටහිරට අධිපති මුර දේවතාවුනි, ජලයට අධිපති භූතයිනි, මම නුඹට ආරාධනා කරමි, මෙම වෘත්තය ආරක්ෂා කිරිමට.

මෙසේ වෘත්තය ආරම්භ කිරීමෙන් පසු දෙවියන් සහ දේවතාවිය ආරාධනා කල යුතුයි.

මීලඟ ලිපියෙන් අපි අල්තාරය සහ පූජා භාන්ඩ ගැන සාකච්ඡා කරමු.

No comments: