ඔබ සැමට අසිරිමත් Samhain සංවත්සරයක් වේවා!

Wicca වල, වර්ශයකට සමරන සූර්ය සංවත්සර අටෙන් විෂේශතම සංවත්සරය ලෙස සලකන්නේ Samhain(සොඒන්) සංවත්සරයයි. මෙය සෑම වර්ශයකම ඔක්තෝම්බර් 31 වන දිනට යෙදේ. වර්තමානයේ Helloween උත්සවය යෙදෙන්නේද මෙම පුරාන සූර්ය සංවත්සරය යෙදෙන දිනටමය.

සොඒන් සංවත්සරය පුරාන කාලයේ යෙදී ඇත්තේ අස්වනු-නෙලීමේ-කාලයේ අවසානය සහ ශීත-සෘතුව ආරම්භ වීම සැමරීම සඳහාය. තවද මෙය වර්ශයේ අඳුරු අර්ධය ආරම්භ වීම සනිටුහන් කරයි. වර්ශයේ ආලෝකමත් අර්ධය ආරම්භ වන්නේ මැයි 1 වනදාට යෙදෙන Beltane (බිල්ටීන්) සංවත්සරය සමඟයි. එම නිසා මෙම සංවත්සර දෙක වර්ශයේ සූර්ය සංවත්සර අටෙන් ප්‍රධාන තැනක් ගනී. මෙම සංවත්සර සැමරීමේ ආරම්භය වන්නේ කෙල්ටික් ශිෂ්ටාචාරය සමඟයි.

සොඒන් සංවත්සරය සමඟ දේවතාවගේ බලය හීන වී දේවතාවිය බලයට පැමිනේ. ඉන් පසු දෙසැම්බර් 21 යෙදෙන යූල් සංවත්සරයත් සමඟ දේවතාවිය තුලින් නැවත දේවතාවා උපත ලබයි.

Horned One, Lover, Son - Leaper In The Corn,
Deep In The Mother - Die And Be Reborn!

මෙදින රාත්‍රියේ බ්හෞතික සහ අධ්‍යාත්මික ලෝක දෙක අතර පරතරය අඩු වන බව විශ්වාස කරයි. තවද අප අතරින් වෙන් වුන මල ගිය ආත්ම නැවත අප අතරට පැමින අප සමඟ එක්ව මෙම සංවත්සරය සැමරිය හැකි බවට විශ්වාසයක් ඇත. එම නිසා මෙම සංවත්සරය සැමරීමේදී මල ගිය ආත්ම වලටද ආරාධනා කරනු ලබයි.

When the west wind blows o'er thee,
Departed spirits restless be!

No comments: