Showing posts with label දේවතාවිය. Show all posts
Showing posts with label දේවතාවිය. Show all posts

4. විකා (Wicca) සහ Witchcraft ඇදහිලි

ස්වභාවධර්මයේ වෙනස් වීම්, සෘතු සහ සංවත්සර උත්සවාකාරයෙන් සැමරීමද විකා වලට අයත් අංගයකි. වර්ශයේ සෘතු සතර සහ ඒ අතරමැද සංක්‍රාන්ති සමඟ වර්ශයකට ප්‍රධාන සංවත්සර අටක් ඇත. මේවා Samhain, Yule, Imbolc, Spring, Beltane, Midsummer, Lughnasadh, Autmn ලෙස හඳුන්වයි. තවද වර්ශයකට උදා වන පුර සඳ (පොහොය) දහ තුන ද උත්සවාකාරයෙන් සමරනු ලබයි.

සෘතු අනුව වර්ශය අඳුරු අර්ධය සහ ආලෝක අර්ධය ලෙස කොටස් දෙකකට බෙදා ඇත. සෘතු, සංවත්සර ඇති වන්නේ සූර්යයා සහ පෘථිවියේ ගමන් මාර්ගය නිසාය. එම නිසා සංවත්සර වලදී, (විෂේශ්යෙන්ම වර්ශයේ අඳුරු අර්ධයේදී) පුරුශ දේවතාවා සම්බන්ධ පූජා විධි සිදු කරයි.

විකා වල චන්ද්‍ර දේවතාවියටද විෂේශ තැනක් හිමි වේ. ඩයානික සම්ප්‍රදායේ ඩයානා දේවතාවිය සංකේතවත් වන්නේ චන්දයාගෙන් ය. තවද මෙම පුර සඳ දෙපස සඳේ වැඩෙන කලාව සහ ගෙවෙන කලාව දැක්වෙන සංකේතයද දේවතාවිය සංකේතවත් කරන සලකුනකි. මෙයින් අදහස් වන්නේ දේවතාවියගේ යෞවනිය, මව සහ මැහැල්ල යන ත්‍රිත්ව ස්වභාවයයි.

කර්මය සහ පුනර්භවය, පෙරදිග දර්ශන වලින් පසුව විකා දහමට එකතු වූ අංගයන් ය. පුනර්භවය යනු යම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මරණයෙන් පසුව නැවත ජීවිතයක් ලබන බවයි. එනම් අපගේ ශරීරය තුල පවතින ජීව ශක්ති ස්වභාවයේ යම් කොටසක් මරණයෙන් මතුද පැවත නැවත උපතකට හේතු සදන බවයි.

පුනර්භවය සහ කර්මය ඉතා සමීපව බැඳී ඇත. කර්මය යනු අප විසින් කරන ක්‍රියාවන් ගේ ප්‍රථිඵලය නැවත අප වෙතම පැමිනෙන විශ්වීය ස්වභාවයයි. විකා ඇදහීමට අනුව අප විසින් කරන හොඳ හෝ නරක තුන් ගුණයකින් වැඩිවී නැවත අප වෙතටම පැමිනේ. මෙය හඳුන්වන්නේ Three Fold Law නමිනි. කර්මය මේ ජීවිත කාලය තුලදීම හෝ මරණින් පසු ඊලඟ උපතේදී හෝ නැවත පැමිණිය හැක.

විකා, බොහෝ විට කන්ඩායමක් ලෙස සමරන ආගමික චාරිත්‍ර වලින් යුතුය. මෙසේ කන්ඩායමක් ලෙස රැස් වන පිරිස Coven ලෙස හඳුන්වයි. එසේ එකතු වන පිරිස අතර එක පවුලක් සේ ඉතා සමීප බැඳීමක් ඇති වීම ඉතා වැදගත් වේ. විකා වල කන්ඩායමකට එකතු වීම පූජකත්වයට පත්වීම හා සමානව සැලකේ. එසේ එකතු වීමට ප්‍රථම වර්ශයකුත් එක් දිනක් ශිශ්‍යයෙකු ලෙස මූලික අධ්‍යාපනය ලැබිය යුතුය.

වර්ශ තුනකට වඩා අත්දැකීම් ඇති විට කන්ඩායමක නායකත්වයට සුදුසු වූවකු ලෙස සැලකේ. කන්ඩායමකට නායක පූජක වරයෙක් සහ පූජක වරියක් සිටියද සියල්ලන්ම එක හා සමාන මට්ටමෙන් ගෞරවයෙන් යුතුව සලකනු ලබයි.

නමුත් මෙසේ කන්ඩායමකට එකතු වීමට අවස්ථාව නොලැබෙන අය ද සිටී. මෙයට හේතුව වන්නේ තමා හා සමාන අදහස් ඇති තවත් අය හෝ කන්ඩායමක් ලඟාවිය හැකි ප්‍රදේශය තුල සොයාගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් බොහෝ දෙනා තමාගේම උත්සාහයෙන් පොත්පත් මගින් හෝ වෙනත් ක්‍රම වලින් තනිවම අධ්‍යයනය කර තම මාර්ගය සලසා ගනී.

පණ ඇති සියලුම ජීවීන් වන මිනිසා සතුන් සහ ගහ කොල වල ජීව ශක්තිය පවතින බවත් අප අවට ඇති පංච මහා භූතයින්ගෙන් තැනුන විශ්වයේද ශක්තියක් ඇති බවත්. ඒවා භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ගැනීමට හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරයි. භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් ද වචන සහ ශබ්ද වල බලයෙන් ද මෙම බල වේග පාලනය කල හැක, ඒ තුලින් ශාරීරික සහ මානසික සුවය, රෝගාබාධ වැලැක්වීම, සුවය ඉක්මන් කිරීම වැනි ප්‍රයෝජනද ලැබිය හැක.

තවද, භාවනා ක්‍රම තුලින් සිත දියුනු කිරීමෙන් විවිධ අධිමානසික හැකියා, එනම් ඈත සිදු වන දේ මනසින් දැකීම, අනාගතයේ විය හැකි අනතුරු කලින් දැකීම, සැඟවී ඇති දේ අවබෝධ කර ගැනීම ආදී කාරනා ද විකා සහ Witchcraft අනුගමනය කරන බොහෝ දෙනාගේ අවධානයට ලක් වන අනෙකුත් අංශයන් ය.

ඔබ සැමට අසිරිමත් Samhain සංවත්සරයක් වේවා!

Wicca වල, වර්ශයකට සමරන සූර්ය සංවත්සර අටෙන් විෂේශතම සංවත්සරය ලෙස සලකන්නේ Samhain(සොඒන්) සංවත්සරයයි. මෙය සෑම වර්ශයකම ඔක්තෝම්බර් 31 වන දිනට යෙදේ. වර්තමානයේ Helloween උත්සවය යෙදෙන්නේද මෙම පුරාන සූර්ය සංවත්සරය යෙදෙන දිනටමය.

සොඒන් සංවත්සරය පුරාන කාලයේ යෙදී ඇත්තේ අස්වනු-නෙලීමේ-කාලයේ අවසානය සහ ශීත-සෘතුව ආරම්භ වීම සැමරීම සඳහාය. තවද මෙය වර්ශයේ අඳුරු අර්ධය ආරම්භ වීම සනිටුහන් කරයි. වර්ශයේ ආලෝකමත් අර්ධය ආරම්භ වන්නේ මැයි 1 වනදාට යෙදෙන Beltane (බිල්ටීන්) සංවත්සරය සමඟයි. එම නිසා මෙම සංවත්සර දෙක වර්ශයේ සූර්ය සංවත්සර අටෙන් ප්‍රධාන තැනක් ගනී. මෙම සංවත්සර සැමරීමේ ආරම්භය වන්නේ කෙල්ටික් ශිෂ්ටාචාරය සමඟයි.

සොඒන් සංවත්සරය සමඟ දේවතාවගේ බලය හීන වී දේවතාවිය බලයට පැමිනේ. ඉන් පසු දෙසැම්බර් 21 යෙදෙන යූල් සංවත්සරයත් සමඟ දේවතාවිය තුලින් නැවත දේවතාවා උපත ලබයි.

Horned One, Lover, Son - Leaper In The Corn,
Deep In The Mother - Die And Be Reborn!

මෙදින රාත්‍රියේ බ්හෞතික සහ අධ්‍යාත්මික ලෝක දෙක අතර පරතරය අඩු වන බව විශ්වාස කරයි. තවද අප අතරින් වෙන් වුන මල ගිය ආත්ම නැවත අප අතරට පැමින අප සමඟ එක්ව මෙම සංවත්සරය සැමරිය හැකි බවට විශ්වාසයක් ඇත. එම නිසා මෙම සංවත්සරය සැමරීමේදී මල ගිය ආත්ම වලටද ආරාධනා කරනු ලබයි.

When the west wind blows o'er thee,
Departed spirits restless be!

යහපත් වන්දනාකාරිය සහ කුණාටු ගෙදර (La Bella Pellegrina della Casa al Vento)

මෙය "මායාකාරීන්ගේ-දේවවාක්‍ය" පොතට මූලික වශයෙන් අයිති නැති වුවද මැඩලේනා විසින් දීර්ඝ අත්පිටපතක් ලෙස ලද නිසා ලේලන්ඩ් විසින් Aradia පොතට ඇතුලත් කර තිබේ. මෙහි අඩංගු වන්නේ මධ්‍යකාලීන-යුගයේ අවසාන භාගයේ ඉතාලියේ සිදුවූ සත්‍ය සිදුවීම මාලවක් ඇසුරෙන් ගොඩනැගුනු කථාවකි.

එක්තරාපුද්ගලයෙක් WitchHunter නමින් ප්‍රතිචාර කිහිපයක් ලියා ඇතිබව දුටුවෙමි. ඒවා බොහෝමයකට පිලිතුරු මේ තුල අඩංගු වනු ඇත.

ඉතාලියේ කඳුකර පෙදෙසක වොල්ටෙරා නමින් ඉතා රමණීය නගරයක් වෙයි. ඒ නගර සීමාසන්නයේ කන්දක් පාමුල කුඩා නිවසක් වෙයි. මේ නිවස අදටත් හඳුන්වන්නේ "කුණාටු ගෙදර" යන නමිනි. ඒ අසලම කලකට පෙර කුඩා මාලිගාවක් බඳු වූ මැදුරක් විය. ඒ නිවසේ විසූ යුවලට සිටියේ එකම දරුවෙකි, ඈ දැරියකි. ඇයට ඔවුන් බොහෝ ආදරය කලෝය. නමුත් ඇයට ඉතා දරුණු හිසේ රුදාවක් වැලඳෙමින් තිබූ නිසා ඔවුන්ට මහත් ගැටලුවක් විය.

දිනෙන් දින ඈ උස් මහත් වී වැඩෙන්නට විය, මේ අතර ඇගේ සුළුමවගේ දේව භක්තියද දිනෙන් දින වැඩෙන්නට විය. ඇගේ සුළුමවගේ වුවමනාව වූයේ කෙදිනක හෝ තම දුව මහණ කරවීමටය. මෙයට කොහෙත්ම කැමති නුවූ කුමරිය කියා සිටියේ ඇයට අවශ්‍ය අන් කුමරියන් සේ විවාහ වීමට බවයි.

දිනෙක ඈ කවුලුවෙන් පිටත බලා සිටින අතර තුරු ලිය ගොමුවක කුරුල්ලන් සෙල්ලම් කරනු දිටීය, ඒ දැක තම සුළුමවට කියා සිටියේ කෙදිනක හෝ ඇගේම දරු දැරියන්ට මැදිව සතුටින් ගයමින් සිටීමට ප්‍රිය කරන බවයි. මේ අසා ඇගේ සුළුමවට බොහෝ කෝප ඇති විය; ඉන්පසු ඇගේ දෑත් බැඳ තැබීය. බොහෝ සේ හැඩූ ඇය කියා සිටියේ කෙදිනක හෝ පලා යන බවත් තම සුළුමවගේ අදහසට කොහෙත්ම ඉඩ නොදෙන බවත් ය. කුඩා කල පටන් හිතුවක්කාර ගති තිබූ දැරියගේ මේ කථාවෙන් සුළුමවට බියක් ද ඇති විය. ඇයට තිබූ අනෙක් බිය නම් තම දැරියට දැනටමත් පෙම්වතෙක් ඇති ද යන්නයි; එසේ වූයේනම් බොහෝ කලහ ඇති විය හැක.

සුළුමවගේ මීලඟ උපාය වූයේ දියණිය ට කුලවත් ගුරුවරියකගේ ඇසුර ලබා දී සිත වෙනස් කරවීමටයි. ඉතා වියපත් වූත් බුද්ධිමත් බව නිසා ප්‍රසිද්ධ වූත් අසල්වැසි කාන්තාව ගැන අගේ මවට මතක් විය, ඇගේ දියණියගේ හදවත භක්තියෙන් පිරවීමටත් තමාගේ කීමට නම්මවාගැනීමටත් සුදුසුම වන්නේ තමාගේ අසල්වැසි නිවැසි වියපත් කාන්තාවම බව ඇය සිතුවය. එම වියපත් කාන්තාව කැඳවූ ඇය, බොහෝ මුදල් ද දී තම දැරිය දිවා රෑ බලා ගැනීමට එම පාලිකාවට පැවරීය. විරෝධය පා කලහ කිරීම වෙනුවට දැරියද පාලිකාව සමඟ මිතුරු විය.
කෙසේ වුවද ලෝකයේ ඒ ඒ දේ අප කැමති ලෙසම සිදු නොවේ, ගංඟාවක වැලි ගල් අතර මොන ආකාරයේ මත්ස්‍යයින් සැඟව සිටිත්දැයි කවුරු දනිත් ද? ඒ ආකාරයටම මේ ගුරුවරියද, දැරියගේ සුළුමව සිතා සිටි ආකාරයේ භක්තියකින්, ඇදහීමකින් යුත් තැනැත්තියක් නුවූවාය. ඈ කිසි විටෙක දැරියගේ සුළුමවට අවැසි ආකාරයේ බලපෑමක් නොකලාය.

සඳ ඇති දින වල සඳලුතලයේ වැතිරී රෑ කොබෙයියන් ගේ හඩට සවන් දීම මේ දැරිය පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිටි එක් දිනක ඇගේ පාලිකාව මහා සඳලුතලයේ සිටිනු විවෘත කර තුබූ දොරෙන් ඇයට ඇසින. මීලඟ දිනයේත් ඒ හඩ ඇසුන හෙයින් ඈ ඉතා සෙමෙන් සහ නිශ්ශබ්දව විවෘත කර තුබූ දොරෙන් මහ සඳලුතලයට පිවිසියාය. එතැනදී ඇය දුටුවේ ඇගේ පාලිකාව සඳ එලිය වැටී තුබූ තැනෙක දණ නමා යමක් මුමුනමින් සිටින බවයි. ඒ කිසිවක් ඇයගේ අවබෝධයට හසු නුවූයෙන් ඇගේ කුකුස තව තවත් වැඩි විය. මේ සියල්ලෙන්ම මදක් පමණ බියට පත්ව සිටි ඇය දුටු සියල්ලම තම පාලිකාවට පවසා සිටියාය.

ඉදින් දැරියගේ පෙරැත්තය නිසාම ඈ බන්ධනය කර රහස්‍ය භාවය පිලිබඳ දිව්රුමක් ද ගෙන මෙසේ කියා දුන්නාය. "මමද පෙර නුඹ මෙන්ම පූජකයන් විසින් උඟන්වනු ලදුව නොපෙනෙන දෙවි කෙනෙක් උදෙසා වන්දනා කලෙමි. නමුදු පසුව මට හමුවූ ඉතා හිතෛශී, විශ්වාසවන්ත මහලු ස්ත්‍රියක් කෙරෙන් මේ ඉඟෙනුමට ලැබුනි, 'මහත් වූ ශ්‍රීයෙන් ද යුක්තව පායා සිටින චන්ද්‍රයා පෙනෙන්නට සිටිද්දී, නොපෙනෙනාවූ දෙවි කෙනෙකු වන්දනා කරන්නේ කිමද. චන්ද්‍රාධිපති ඩයානා දේවතාවිය කැඳවන්න, ඈ ඔබගේ කැමැත්තද, ඉල්ලීමද ඉටු කරනු ඇත.'"

තරුණ දැරියද මීට බොහෝ සේ කැමතිව චන්ද්‍ර දේවතාවිය වූ ඩයානා වන්දනාවට හැරවුනාය. ඉදින් ඇගේ මුලු හදවතින්ම තරුණයෙකුගේ ආලය පතා යැද නොබෝ කලකින්ම ධනවත් නිර්භීත කුමාරයෙකුගේ අවධානයද කැමැත්තද දිනාගත්තාය. ඇගේ සුළුමව මේ බව දැන ඇගේ අභිප්‍රාය ඉටුකිරීමට බාධාවක් හෙයින් බොහෝ සේ කෝප වූවාය. ඉදින් මේ තරුණයා ඇගේ නිවසට පැමිණ තරුණිය විවාහ කර ගැනීමේ තම අදහස ප්‍රකාශ කල විට ඇගේ සුළුමව ඔහුව එලවා දැමීය, තවද, තම දුව මහණ වීමට පොරොන්දු දී ඇති බවත් ඇය එසේ නොකලහොත් මරණයට පත් වනු ඇති බවද කියා සිටියාය.

ඉන්පසු සුළුමව විසින් මේ දැරිය එක් ටැම් කුළුනක සිර කර තබනු ලැබීය, ඇගේ පාලිකාව වූ මහලු ස්ත්‍රියට පවා ඈ දැකුමට ඉඩ නොදුන්නාය. සුළුමවගේ කැමැත්තට එකඟ වන තුරු කටුක වූත් ශීත වූත් ගල් පොලොවේ නිදීමටත් දිවි රැකුමට පමණක් වූ සුලු ආහාරයකුත් දෙනු ලැබීය. ඒ දුක් ඉවසනු නොහැකිව, ඈ නිදහස් කරනු පිණිස ඩයානා යැද සිටියාය. හෝ, එවිටම ඇගේ සිර කුටියේ අගුලු හැරිණි, ඈ පහසුවෙන්ම ගැලවී ගියාය. ඒ අසලම දමා ගොස් තිබූ වන්දනා කරුවෙකුගේ කබායක් හැඳගත් ඇය ඉතා ඈත පෙදෙස් බලා ගියාය.

ඈ ගිය ගමනේ හමුවූ පීඩා කරනු ලැබූ හා දුකට පත් වූ බොහෝ දෙනාට පුරාණ ඇදහීම වූ චන්ද්‍රයාගේත්, සුරදූතියන්ගේත් රැජින වූ ඩයානා ගැන කියා දුන්නාය. ඇගේ නුවණත් රූ සපුවත් ගැන දේශය පුරා පතල විය, බොහෝ ජනයා ඇයට ගෞරව කලහ, "යහපත් වන්දනාකාරිය" යන නමින් ඈ හැඳින්වින.

අවසානයේ ඈ පිළිබඳ පුවත ඇගේ සුළුමවගේ කණටද පැමිණියේය. මේ පුවත ඇයට පෙර නුවූ තරම් වූ කෝපාග්නියක් ගෙනාවේය. කෙසේ හෝ උත්සාහ ගෙන ඇය තම සුළුදියණිය අත්අඩංගුවට ගෙන සිර කර තැබිය. අවසාන වතාවටද ඇගේ සුළුමව ඇගෙන් මහණ වීමට කැමතිදයි ඉතා රෞද ලෙස අසා සිටියාය. ඈ එයට එකහෙලා විරුද්ධ විය.

ඒ අසා තම සුළුදියණිය කෙරෙහි තිබූ සියලු හැඟීම් අත් හැර, ඈ වධ දී මරා දමනු පිණිස පූජකයින්ට බාර කලාය. ඒ කාලයේ පූජකයින්ගේ අදහස් වලට එකඟ නුවූ හා ඔවුන්ගේ ඇදහීමෙන් ඉවත් වූ සියලු දෙනාටම අත් වූයේ එම ඉරණමමය. නමුත් මෙ අසා බොහෝ ජනයා දුක් වූහ, මක්නිසාදයත් ඔවුන් ඈගේ රූ සපුවත් යහපත් භාවයත් කෙරෙහි ඉතා ලැදි වූවෝහුය.

කෙසේ හෝ ඇයගේ ප්‍රේමවන්තයාගේ උදව්වෙන් ඔවුන් අන්තිම කැමැත්ත වශයෙන් ඇයට මරණ දණ්ඩනයට පෙර දින රාත්‍රියේ රකවලුන් මැද තම මන්දිරයේ උද්‍යානයේ ඇවිදීමට අවසර ලබා ගත්තෝය. එම පුර සඳ පායා තුබූ රාත්‍රියේ ඈ උද්‍යානය මැද සඳ එලියේ දණ නමා තම ජීවිතය ගලවන්නැයි ඩයානා දේවතාවිය යැද සිටියාය. මේ අතර ඇගේ සුළුමවද පූජක වරුද මන්දිරය තුල සිට ඈ ගැලවී පැනයාවීදෝ යි බලා සිටියහ.

හෝ, එවිටම හදිසියේ මින් පෙර මනුශ්‍යයින් නොදුටු තරමේ දැඩි කුණාටුවක් හටගත්තේය. එම සුලඟට මුලුමහත් මන්දිරයත් ඒ තුල සිටි සෙනඟ සමඟම ගසාගෙන ගියේ ය. ගලක් පිට තව ගලක් නොසිටින සේම, එහි සිටි කිසිවෙකුගේ ජීවිතයක් ඉතිරි නොවන සේම විනාශ වී ගියේය, ඈ සහ ඇගේ ප්‍රේමවන්තයා පමණක් ඉතිරි විය. ඔවුන් විවාහ වී බොහෝ කාලයක් සතුටින් ජීවත් වූහ.

විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහ

විකා Rede (Wiccan Rede)
Wiccan Rede, විකා දහමේ මූලිකම ඉඟැන්වීමක් ලෙස දැක්විය හැක. මෙය වාක්‍ය 26 කින් යුත් එකතුවකි. මෙහි ඉතාම වැදගත් කොටස ලෙස සැලකෙන්නේ අවසාන වාක්‍ය වන An' it harm none, Do as you will (කිසිවෙකුටත් හානියක් නොවේනම් කැමති ලෙස කරව) යන්නයි. එය තුල විකා දහමේ මූලිකම නීතිය අඩංගු වේ. නීතිය ලෙස සඳහන් කලද මෙය කිසිවිටෙකත් නියම කිරීමක් ආකාරයෙන් අදහස් කර නැත. එහි ගැඹුරු අර්ථය වන්නේ කිසිවෙකුටත් හානිදායක නොවන (යහපතක් වන) ක්‍රියාවක් නම් බිය විය යුතු නැති බවත්, කිසිවෙකුට හෝ හානිදායක වන බව දන්නේනම් ඉන් වැලකීමට උත්සාහ ගත යුතු බවත් ය. තමා විසින් අන් අය කෙරෙහි වන බලපෑම සෑම විටම තමා කෙරෙහි සිදුවන බලපෑමක් සේ සිතා බලා එය තීරණය කල යුතුය.
කර්ම, ඵල විපාක දෙන බව
දෙවැන්න වන්නේ පුද්ගලයකු විසින් කරන ක්‍රියාවන් වල ප්‍රතිඵල නැවත ඔහු/ඇය වෙතටම පැමිණෙන බව (Law of Return) පිලිබඳ ඇති විශ්වාසයයි. මෙය හොඳ නරක ක්‍රියාවන් සියල්ලටම පොදු වේ. ඔබ විසින් අන් අයගේ යහපත උදෙසා කරන ක්‍රියාවන් සඳහා ඔබට ආපසු යහපතක් වන බවත්, අන් අයගේ අයහපත පතා කරන ක්‍රියාවන් සඳහා ආපසු අයහපතක් පැමිණෙන බවත් අවබෝධ කර ගත යුතුය. සමහර සම්ප්‍රදායන් වල මෙසේ නැවත ඵල දීම කිහිප ගුණයකින් ගුණාකාර වී ඵල දෙන බව ද උඟන්වයි.
ස්වයං වගකීම පිලිබඳ ඉඟැන්වීම
ඵල විපාක දීම පිලිබඳ අදහස තවදුරටත් විශ්ලේශනය කිරීමෙන් මෙය අවබෝධ කර ගත හැක. මෙයින් අදහස් වන්නේ පුද්ගලයකුට සිදු වන දේ පිලිබඳ වගකිවයුත්තා ඔහුම බවයි. විකා දහමෙහි මිනිස් ජීවිත පාලනය කරන ඉහල බලවේගයක් පිලිබඳ අදහස ප්‍රතික්ෂේප වේ. පුද්ගලයකුට අත් වන ඉරණම තීරණය වන්නේ ඔහු විසින් පෙර කරන ලද ක්‍රියාවන්ට අනුවය. මේ අනුව තමාගේ ජීවිතයේ ඉරණම භාහිර බලවේගයකට පවරා බලා සිටිය නොහැක. බාහිර බලවේග වල සහයෝගය සහ ශක්තිය ලබාගත්තද ඒවා නිවැරදිව භාවිතා කිරීමත් තම දියුණුව සහ තීරන ගැනීමත් තමා විසින්ම කල යුතුයි.
නිරන්තර සංවර්ධනය පිලිබඳ ඉඟැන්වීම
ස්වයං වගකීම සහ ඵල විපාක දීම යන ඉඟැන්වීම් දෙකට අනුව පුද්ගලයකු විසින් කල යුතු දේ ඇතුලත් වන්නේ නිරන්තර සංවර්ධනයටයි. පුද්ගලයකුගේ ඉරණම තීරණය වන්නේ ඔහු/ඇය විසින් ගන්නා තීරණ සහ කරන ක්‍රියාවන් අනුව නම් එම ඉරණම යහපත් කර ගැනීමද පුද්ගලයා සතු වගකීමකි. තමා විසින් කරන ක්‍රියාවන් හරහා යහපත් වෙනසක් ඇතිකිරීම උදෙසා වූ අරමුණ එක් කර ගත යුතුය. මෙය තමාගේ පෞද්ගලික දියුණුව පමණක් නොව භාහිර සමාජය සහ ස්වාභාවික පරිසරය කෙරෙහිද දිගු කල යුතු ආකල්පයකි. මනුශ්‍යයාට තමා අවට ඇති පරිසරය සහ සමාජය කෙරෙහි වගකීමක් ඇත. අන්‍ය මත ඉවසීම, යහපත් දේ අගය කිරීම, සාහිත්‍ය කලා රසවින්දනය සහ නිරන්තර ඉඟෙනීම ද මෙයට අයත් වේ.
ඒකාත්මික වීම පිලිබඳ ඉඟැන්වීම
අවසාන අංගය වන්නේ දේවත්වය සමඟ එකට සුසර වීමයි. බොහෝමයක් අභිචාර විධි වල මූලික අරමුණ වන්නේ ඒකාත්මික වීමයි. දේවත්වය යන්නෙන් කිසිවිටෙක මැවුම්කාර හෝ සර්වබලධාරී දෙවි කෙනෙක් අදහස් නොවේ. මෙහිදී දේවත්වය යන්න තුන් ආකාරයකින් විග්‍රහ කල හැක. පලමු වැන්න ලෙස දැක්විය හැක්කේ පුද්ගලයා (තමා) තුල ඇති දේවත්වයයි. තමා තුල ඇති දේවත්වය අවධි කිරීමට නොයෙකුත් අභිචාර විධි, භාවනා, නැටුම්, වාදන (බෙර) සහ වෙනත් ක්‍රම භාවිතා වේ.
දෙවැන්න ලෙස දැක්විය හැක්කේ දෙවියන්, සොබාදහම සහ ශක්තීන් තුල ඇති දේවත්වයයි. සොබාදහමේ ජීව ශක්ති ස්වාභාවයේ ස්ත්‍රී පුරුශ බලවේග, චන්ද්‍ර දේවතාවිය ආදීන් මෙයට අයත් වේ. සොබා දහමේ සෘතු සංවත්සර සැමරීම අයත් වන්නේ මේ සඳහාය.
තුන් වනුව මුලු මහත් විශ්වයම දේවත්වයෙන් සැලකීම දැක්විය හැක. තනි තනි ජීවීන් සහ ඒකක වශයෙන් විශ්වයේ ඇති කුඩා ඒකක වලට ප්‍රානයක්, ජීවයක් දේවත්වයක් ඇති නිසා ඒ සියල්ල එක්ව ගත් කල මුලු මහත් විශ්වයම ඒ සියල්ලේම එකතුව ලෙස දේවත්වයෙන් සලකයි. තනි පුද්ගලයා එහි කුඩා කොටසකි.

ආඥාව (The Charge)

මෙය අයත් වන්නේ ගාර්ඩ්නේරියානු සම්ප්‍රදාය(Gardnerian Tradition) ට ය. විකා සම්බන්ධ බොහෝ සංකල්ප මේ තුලින් අවබෝධ කර ගත හැකිය. මෙම චාරිත්‍රය සාමන්‍යයෙන් සිදු කරන්නේ ප්‍රධාන පූජක වරිය තුලට චන්ද්‍ර දේවතාවිය ආරාධනා කිරීමෙන් පසුවය.

ප්‍රධාන පූජකයා / Magus:
අතීතයේ සිටි මනුශ්‍යයන් අතර, ආර්ටෙමිස්, අස්ටාර්ටෙ, ඩියෝනෙ, මෙලුසීන්, ඇෆ්‍රොඩෙයිට්, කෙරිඩ්වෙන්, ඩයානා, අරියන්‍රොඩ්, බ්‍රයිඩෙ ආදී නම් වලින් වන්දනා වූ මහා මාතාව ගේ වචන වලට සවන් දෙව.
"Listen to the words of the Great mother, who of old was also called among men Artemis, Astarte, Dione, Melusine, Aphrodite, Cerridwen, Diana, Arianrhod, Bride, and by many other names."

ප්‍රධාන පූජක වරිය / High Priestess:
මාගේ අල්තාරය අබියස ස්පාටා අගනුවර යෞවනය ද කැප විය...
"At mine Altars the youth of Lacedaemon in Sparta made due sacrifice...

කිසියම් හෝ උවමනාවක් ඔබට වේද, මසකට වරක්, චන්ද්‍රයා පූර්ණ දිනෙක යම් රහසිගත තැනෙක සියල්ලෝ රැස් විය යුතු, සකල මායා මන්ත්‍ර ශාස්ත්‍රයන්ටම අග්‍ර රාජිණිය වූ මාගේ ආත්මය වන්දනා කල යුතුය.
Whenever ye have need of anything, once in the month, and better it be when the moon is full, ye shall assemble in some secret place and adore the spirit of Me who am Queen of all Witcheries and magics.

මායා මන්ත්‍ර ශාස්ත්‍ර අත්‍යන්ත රහස් තවද නොදත්, ඒ ඉගෙනුමට රිසි සියල්ලෝ එහි රැස් විය යුතූ, නොදත් සියලු රහස් කියා දෙමී.
There ye shall assemble, ye who are fain to learn all sorcery, yet have not won its deepest secrets. To these will I teach things that are yet unknown.

ඔබ සියල්ලෝම සත්‍ය වශයෙන්ම නිදහස් වන බවට සංකේත වශයෙන් සියලු මිනිසුන් සහ ගැහැනුන් නිර්වස්ත්‍රව සිට වන්දනා කල යුතූ, මාගේ වන්දනාවට නැටුම්, ගැයුම්, වාදන, භෝජන සහ ආදරය ද කල යුතුය.
And ye shall be free from slavery, and as a sign that ye be really free, ye shall be naked in your rites, both men and women, and ye shall dance, sing, feast, make music, and love, all in my praise.

පෘථිවි තලය මතදී වුවද ඔබට අමරණීයත්වයේ අමෘතය රස බැලීමට රහස්‍ය දොරටුවක් මා තනා ඇත.
There is a Secret Door that I have made to establish the way to taste even on earth the elixir of immortality.

"සැපතද, පෘථිවිය මත සතුටද මගේම වේවා, මටත් වේවා'' යැයි කියනු, මා ඓශ්චර්යමත් දේවතාවියයි.
Say, `Let ecstasy be mine, and joy on earth even to me, To Me,' For I am a gracious Goddess.

මා ඔබට නොසිතූ අයුරු සැපයද පෘථිවි තලය මතදීම දෙමි, නියතයෙන් ම ජීවිතය පුරා හුදු විශ්වාසය නොව!
I give unimaginable joys on earth, certainty, not faith, while in life!

මරණයෙන් මතුද, වචන නොමැති සාමයේ සැපතද සුවයද දෙමි, බිලි වශයෙන් කැප නොඉල්ලමි!
And upon death, peace unutterable, rest, and ecstasy, nor do I demand aught in sacrifice."

ප්‍රධාන පූජකයා / Magus:
තරිඳුපති වූ දේවතාවියගේ වචන අසව."
Hear ye the words of the Star Goddess."

ප්‍රධාන පූජක වරිය / High Priestess:
මලානික වූද ප්‍රාණවත් වූද, සැඟවුනා වූද ප්‍රභාමත් වූද සියල්ලනි මා නුඹට ආදරය කරමි, අනුකම්පා කරමි."
I love you: I yearn for you: pale or purple, veiled or voluptuous.

අත්‍යන්ත හැඟීම තුල ප්‍රභාමත් වූ සැපයේ මත් බව මා වෙමි, නුඹ කැමැත්තෙමි.
I who am all pleasure, and purple and drunkenness of the innermost senses, desire you.

ඔබ තුල දරණ ගැසී සැඟවුනු මහත් බව තටු ලැබ නැගී ආයෙමි.
Put on the wings, arouse the coiled splendor within you.

සියලු තාරකා වල අභ්‍යන්තරයේත් සියලු මනුශ්‍යයන්ගේ හදවත් තුලත් දිලෙන ගිනි දැල්ල මා වෙමි, මා වෙත එව.
Come unto me, for I am the flame that burns in the heart of every man, and the core of every Star.

ඔබේ අත්‍යන්ත දිව්‍යමය ශරීරය අනන්ත සතුටේ අනවරත උද්යෝගය තුල ගිල්වන්න.
Let it be your inmost divine self who art lost in the constant rapture of infinite joy.

සුන්දරත්වයත් සතුටත් මුසුව නිවැරදිව වන්දනා කරන්න.
Let the rituals be rightly performed with joy and beauty.

සතුටේත් ආදරයේත් සියලු හැසිරීම මා වෙත කෙරෙන වන්දනාවන් බව මතක තබා ගන්න.
Remember that all acts of love and pleasure are my rituals.

සුන්දරත්වයත් ජවයත්, පොපියන හසරැලිත්, බලයත් තේජසත් ඔබ තුල වේවා.
So let there be beauty and strength, leaping laughter, force and fire by within you.

එතෙකුදු ඔබ මෙසේ කියයි නම්, එනම් "මා ඔබ වෙත සොයා පැමිණියද ඵලක් වූයේ නොමැත";
And if thou sayest, `I have journeyed unto thee, and it availed me not,'

නො එසේනම් ඔබ කිව යුතූ, " මා ඔබ යැද සිට, ඉවසා බලා සිටීමි, හෝ!, ඔබ මා සමඟ ආරම්භයේ සිටම සිටියාය!"
rather shalt thou say, `I called upon thee, and I waited patiently, and Lo, thou wast with me from the eginning,'

එවිට, සියලු ආශාවන්ගේ කෙලවර හෝ මා පැතූවන් මා හමු වේ.
for they that ever desired me shall ever attain me, even to the end of all desire.