2. විකා වල ඉතිහාසය

විකා දර්ශනය ප්‍රතිසංස්කරනය කර පොදු මහජනයා අතර ප්‍රචලිත කිරීමට දායක වී ඇත්තේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතාය. ඒ 1954 වර්ශයේදීය. ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා, ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන සමයේ සේවය කල රබර් වතු පාලක වරයෙකි.

බ්‍රිතාන්‍යයේ 1952 දක්වා Witchcraft ආගම තහනම් කර තිබුනි. එම තහනම ඉවත් කිරීමත් සමඟ අධ්‍යාත්මික සහ ගුප්ත-ශාස්ත්‍ර විශයයන් සම්බන්ධ ප්‍රබෝධයක් ඇති වුනි. එතෙක් රහසිගතව පැවතුන අධ්‍යාත්මික සංගම් කිහිපයක්ම පොදු මහජනයා සඳහා ප්‍රසිද්ධියේ විවෘත විය.

මේ කාලයේ ගාර්ඩ්නර් මහතා විශ්‍රාම ලබා නැවත බ්‍රිතාන්‍යයට පැමිණෙයි. එහිදී ඔහුට ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley), ඩොරීන් වැලන්ට් (Doreen Valiente) වැනි Witchcraft ක්‍රමවේදඅධ්‍යයනය කරන බොහෝ පිරිසක් හමු වේ. ඔවුන් සමඟ එක්ව අතීතයේ පැවති පුරාණ ඇදහිලි ක්‍රම එකතු කොට, හින්දු දහම, බුදු දහම, වැනි පෙරදිග දර්ශන වල අධ්‍යාත්මික ඉඟැන්වීම් ද සම්බන්ධ කරගත් විකා දහම, ගාර්ඩ්නර් මහතා විසින් ප්‍රතිසංස්කරනය කලේය.

විකා ගැන ලෝකය දැනගන්නේ ගාර්ඩ්නර් මහතාගේ "Witchcraft Today" නම් කෘතිය එලි දැක්වීමත් සමඟය. ගාර්ඩ්නර් පවසන පරිදි විකා යනු අතීතයේ සිට පැවති Witchcraft ආගමේ වර්තමාන අවස්ථාවයි.

1899 දී ඉතාලි ජාතික චාල්ස් ලේලන්ඩ් විසින් අරඩියා (Aradia, or the Gospel of the Witches) නමින් කෘතියක් ප්‍රකාශයට පත් කර Witchcraft ඇදහිලි පිලිබඳව පොදු මහජනතාවට හෙලි කර ඇත.

තවද රේවන් ග්‍රිමාසි (Raven Grimassi) වැනි ඉතාලි ලේඛකයින් ද මේ සම්බන්ධ පොත් පොදු මහජනයා වෙනුවෙන් ප්‍රකාශ කර ඇත. ඉතාලි බසින් Witchcraft හඳුන්වන්නේ Stregha නමින් ය. ඉතාලියේ කිසි දිනක Witchcraft ආගම තහනම් කර තිබී නැත. එමෙන්ම ඉතාලි සම්ප්‍රදායන් සහ ගාර්ඩ්නර් විසින් හඳුන්වාදුන් බටහිර යුරෝපීය සම්ප්‍රදාය අතර සමහර වෙනස්කම්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ විකා දර්ශනය ආගමක් ලෙස නිල වශයෙන් පිලිගැනුනේ 1975 වර්ශයේදීය. ඇමරිකාවේ මෙය ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැක්කේ රේමන්ඩ් සහ රෝස්මරි බක්ලන්ඩ් (Raymond & Rosemary Buckland) යුවලයි. රේමන්ඩ් බක්ලන්ඩ්, අචාර්ය ගාර් ඩ්නර්ගේ ශිෂ්‍යයෙකි. ඔහු විසින් ලියන ලද පොත් විශාල වශයෙන් ගුප්ත ශාස්ත්‍ර පොත් ම පල කරන ලෙවෙ'ලින් (Llewellyn) ආයතනය මගින් මුද්‍රනය කරන ලදී.

සියැක්ස් විකා (Seax-Wicca) නමින් නව සම්ප්‍රදායක් බිහි කල මොහු ඇමරිකාව පුරා වැඩමුලු පවත්වමින් මේ සම්බන්ධ යම් උනන්දුවක් ඇති පිරිස් දැනුවත් කලේය. විකා සහ විෂේශයෙන් Witchcraft ක්‍රම අධ්‍යයනය කරන බොහෝ දෙනෙක් තම අත් පොත ලෙස සලකන "The Complete Book Of Witchcraft" පොත ලියන ලද්දේද රේමන්ඩ් බක්ලන්ඩ් විසිනි .

ඉන්දියාව:

ඉප්සිතා රෝයි චක්‍රවර්තී ඉන්දියානු කාන්තාවකි. ඇය මීට දශක කිහිපයකට පෙර තම මව් රට වන ඉන්දියාවට නැවත පැමිනෙන විට, විකා සහ Witchcraft දැනුම රැගෙන ආවාය. ඇය 2000 වසරේදී මේ සම්බන්ධව පොත් කිහිපයක් ද පල කර ඇත. ඇය ඉන්දියාවේ සමාජ සුභසාධන ක්‍රියාකාරිණියකි. එමෙන්ම ඇය රෝගී වූ අය සුවපත් කරමින් පොදු ජනතාවට සේවයක් ද කරගෙන යයි. ඇගේ දියණිය වන දීප්තා රෝයි චක්‍රවර්තීද ඉප්සිතාගේ ගමනට සහාය දක්වයි.

No comments: