විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්‍ර සහ Witchcraft සම්බන්ධ අධ්‍යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.
විකා වල වඩා වැදගත් වන්නේ පරිසරය, සොබාදහම සහ පුද්ගලයා සමඟ ඇති සබඳතාවය වර්ධනය කර ගැනීමත්, ඒවාට දේවත්වයෙන් සලකා ආචාර කිරීමත්, සොබාදහමේ සෘතු වෙනස්වීම් උත්සවාකාරයෙන් සංවත්සර සැමරීමත් ය. මීට අමතරව පුද්ගල සංවර්ධනය සඳහා උපකාරී වන භාවනා සහ ව්‍යායාම ක්‍රමද මීට ඇතුලත් වේ. අධිමානසික හැකියාවන් දියුණු කිරීම සහ ගුප්ත ශාස්ත්‍ර අධ්‍යයනයට හිමි වන්නේ දෙවන තැනයි.
මෙහි ඇති විවෘත ස්වභාවය, ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති වීම සහ සංවිධානාත්මක ආගමක් නොවන නිසාත් විවිධ ආකාරයේ සංස්කෘතීන් හා දර්ශන වල ඇති අංග එකතු වී නොයෙක් නිකායන් බිහි වී ඇත. නමුත් මේ තුල නිකායන් හැඳින්වීමට භාවිතා කරන්නේ සම්ප්‍රදාය (Tradition) යන වචනයයි.

විකා වලට මූලික වී ඇති ඇදහිලි සහ විශ්වාස, සශ්‍රීකත්වය උදෙසා වූ පුරාණ අභිචාර විධි තුලින් බිහි වූ ඒවා යැයි සැලකිය හැක. ලෝකය පුරා තිබුනු පුරාණ ශ්‍රේෂ්ඨ සං ස්කෘතීන් වූ ග්‍රීක, ඊජිප්තු, නෝර්ස්, කෙල්ටික් මෙන්ම සිංහල සම්ප්‍රදායන් වල මේ සම්බන්ධ ඇදහිලි සහ අභිචාර විධි වල බොහෝ සමානකම් දැකිය හැකිය. මේවා එකිනෙකින් වෙන්ව ස්වාධීනව දියුනු වුවද, ඒවායේ අදහන දෙවි වරුන් ගේ නම් වෙනස් වුවද, ඒවායේ පසුබිම් වන සංකල්ප වල මවිතකරවනසුලු ගැලපීමක් ඇත.

No comments:
Post a Comment