5. Wicca -> Witchcraft සහ Magick

විකා වල Witchcraft ගැන කියන විට විෂේශයෙන් මතක් කල යුතු පුද්ගලයෙකි ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley). ගාර්ඩ්නර් ගේ සමීප මිත්‍රයෙක් වන මොහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ විෂේශඥයෙකි. ක්‍රව්ලි ගේ මූලික විශය පථය වූයේ දර්ශනය සහ සාහිත්‍යයයයි. ඒ කේම්බ්‍රිජ් විද්‍යාලයේදීය. නමුත් 1896 කාලයේ සිදුවූ යම් සිදුවීමක් හේතුකොටගෙන ඔහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ අධ්‍යයනය කරන්නට පටන්ගත්තේය. විකා වල ඇති Witchcraft සහ Magick සම්බන්ධ බොහෝ තාක්ශනික කරුණු එකතු කරන ලද්දේ මොහු විසිනි.

Magick (k සමඟ) යන වචනය (සාමාන්‍ය Magic වලින් වෙන් කර හැඳින්වීම සඳහා) හඳුන්වා දුන්නේද ක්‍රව්ලි විසිනි. ඇලියෙස්ට ක්‍රව්ලි විසින් හඳුන්වා දුන් Magick යනු චිත්ත බලයෙන් යතාර්ථය වෙනස් කිරීමේ ශිල්පයයි. මෙය ගුප්ත ශාස්ත්‍ර වලට අයත් විශයයකි.
Magick, "සාම්ප්‍රදායික Witchcraft" සමඟ කිසිදු සම්බන්ධයක් නැති අතර විකා වලද මෙයට හිමි වන්නේ දෙවන තැනයි. විකා මෙන්ම "සාම්ප්‍රදායික Witchcraft" ද ආගමික ඇදහීමකි.

එමෙන්ම Magick යනු කිසි විටෙකත් ආශ්චර්යයන් සිදු කල හැකි ක්‍රමයක් නොවේ. එමගින් සූර්යග්‍රහණයක් වැනි දෙයක් සිදු කල නොහැක. භෞතික විද්‍යා නියම වෙනස් කල හැකි දෙයක් මේ තුලින් කල නොහැක. විශ්වයේ පවතින නීති තුල සිට, සිදු කල හැකි සියුම් වෙනස් කිරීම් මගින්, සිද්ධියක් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කිරීම වැනි දේ කල හැක.
අප අවට පරිසරයේ ඇති සියලුම වස්තූන් සහ ඒවාට සම්බන්ධ සිද්ධීන් හේතු ප්‍රත්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධව පවතී. එම නිසා ඕනෑම සිදු වීමක් තවත් සිදු වීමකට යම් කිසි ආකාරයකින් බලපෑමක් සිදු කරයි. මෙසේ සියල්ලක්ම අන් සියල්ලකටම සම්බන්ධ වී ඇති නිසා සෑම සිදු වීමක් ම අනන්ත වශයෙන් සංකීර්න වූ සම්භාවිතාවයක් සහිත වේ. මෙය Chaos ලෙස හැඳින්වෙන අතර මේ සම්බන්ධ දේ Chaos Magick වලට අයත් වේ.

Magick යනු අධිශ්ඨාන බලයෙන් පාලනය වූ ස්වාභාවික සිදු වීමකි. ක්‍රව්ලිගේම වචන වලින් කිවහොත් මිනිසෙක් සොටු සීරීම පවා Magickal ක්‍රියාවලියකට උදාහරනයකි :)

මෙහිදී වඩා වැදගත් වන්නේ පුද්ගලයෙකුගේ හැඟීම්, අධිශ්ඨාන ශක්තිය සහ අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය එකට එකතු කිරීමය. ඒ සඳහා භාවනා ක්‍රම වලින් සිත දියුනු කල යුතුය. එමෙන්ම වචන සහ ශබ්ද වල ශක්තිය, ජ්‍යාමිතික හැඩතල, ඇඳීම් ද උදව් කර ගත හැක.

Magick යනු අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය සහ ස්වාභාවික ශක්තීන් චලනය කිරීම මගින් අප අවට පරිසරයේ ඇති වස්තූන් සහ සිදුවීම් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමය. මෙය අස්වාභාවික හෝ අමුතු දෙයක් නොව ඉතා ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මනස සහ අධිශ්ඨානයයි.
මෙහි මූලිකවම අවධානය යොමු කල යුතු අංගයන් වන්නේ...
* සැහැල්ලු වීම
* චිත්ත ඒකාග්‍රතාව
* මනසින් දැකීම
මේ සම්බන්ධ වැඩිදුර විස්තර ඉදිරියේදී සාකච්චා වේ.

No comments: