ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව.

අරඩියා යනු මායාකාරීන්ගේ දේවවාක්‍ය (The Gospel of the Witches / ඉතාලි - Il Vangelo de la Strega) ලෙස හැඳින්වෙන පොතකි මෙය සම්පාදනය කරන ලද්දේ චාල්ස් ගොඩ්ෆ්‍රි ලේලන්ඩ් නම් ලේඛකයෙකු විසින් මැඩලේනා නම් කාන්තාවක් විසින් දෙන ලද අත් පිටපතකට අනුවය. මෙහි අඩංගු සාහිත්‍යය ඉතාලි ස්ට්‍රෙගා (Strega) සම්ප්‍රදායට අයත් වේ. මෙහි අවසාන කොටසේ ඇති සමහර කරුණු ගාර්ඩ්නේරියානු සම්ප්‍රදායේ ආඥාව (The Charge) යන පූජා විධියට බොහෝ සමීපකමක් දක්වයි.
මෙහි පරිවර්තනය කර දැක්වෙන්නේ එහි පලමු පරිච්ඡේදයයි.

මායාකාරීන්ගේ දේවවාක්‍ය

1. ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව.

ඩයානා ඇගේ සොහොයුරා වූ ලුසිෆර්ට මහත් සේ ආලය කලාය; ලුසිෆර් නම් සූර්යයාටත් චන්දයාටත් අධිපති දේවතාවාය, ආලෝකය සහ මහත් බවට අධිපති දේවතාවාය; තම රූපශ්‍රීය නිසා උදම් වුයෙන් පාරාදීසයෙන් පිටුවහල් කරනු ලැබීය. ඩයානා ට ඇගේ සොහොයුරාට දාව දූ කුමරියක් උපන්නාය. ඇයට ඔවුන් අරඩියා යන නම තැබීය.

එකල්හී පොලොවෙහි බොහෝ ධනවත් මිනිස්සු හා බොහෝ දුක්පත් මිනිස්සු වූහ. ධනවතුන්, සියලු දුප්පත් මිනිස්සු වහල් කමට ගත්තෝය.

එකල්හී ධනවතුන් විසින් ඉතා නපුරු ලෙස පීඩා කරනු ලැබූ බොහෝ වහල්ලු විය. මහා මැදුරු වල වධකාගාරද, මාලිගා වල සිරගෙවල් ද විය.

එකල්හී ගැලවී පලා ගිය බොහෝ වහල් ජනයා ඈත ගම් දනව් වල පදිංචි විය, ඔවුන් සොරුන් හා බොහෝ දරුණු පුද්ගලයන් විය. රාත්‍රියේ නිදනු වෙනුවට ඔවුන් කුමන්ත්‍රන කර තම ස්වාමීන් මරා වස්තු ද සොරා ගෙන පලා ගියහ, වහල් බවට නොකැමති නිසායෙන්ම කඳුකරයේත් වනාන්තරයේත් සොරුන්, මංපහරන්නන් හා මිනීමරුවන් ලෙස ජීවත් විය.

ඩයානා, ඇගේ දියණිය අරඩියා අමතා මෙසේ කීය...

නුඹ, සත්‍යයෙන්ම දේවාත්මයකි, නමුත් නුඹ උපන්නේ නැවත මනුශ්‍ය භාවය ලබන්නටයි; මනුශ්‍ය ලෝකයට ගොස් නුඹගේ පාසැලේ මායා මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙනුමට රිසි ගැහැනුන්ට සහ පිරිමින්ට ගුරුවරිය විය යුතුයි.
E vero che tu sei uno spirito, Ma tu sei nata per essere ancora, Mortale, e tu devi andare Sulla terra e fare da maestra A donne e a’ uomini che avranno Volentà di inparare la tua scuola Che sara composta di stregonerie.

නුඹ, "කයින්" ගේ දියණිය මෙන් නොවිය යුතුය, ඉතා නපුරු වූත් දුක් ගෙන දෙන්නා වූත් සොරුන්, මංපහරන්නන් සහ කපටීන් වූ යුදෙව්වන්ට හෝ අහිකුණ්ඨිකයින්ට නූගැන්විය යුතුය.
Non devi essere come la figlia di "Caino", E della razza che sono devenuti Scellerati infami a causa dei maltrattamenti, Come Giudei e Zingari, Tutti ladri e briganti, Tu non divieni...

නුඹ සියලු මායාකාරීන් අතර අග්‍ර වේ, ලෝකයේ සියල්ලන්ටම අග්‍ර වේ. {සමහර කොටස් ඉවත් කර ඇත}
Tu sarai (sempre) la prima strega, La prima strega divenuta nel mondo, Tu insegnerai l’arte di avvelenare, Di avvelenare (tutti) i signori, Di farli morti nei loro palazzi, Di legare il spirito del oppressore, E dove si trova un contadino ricco e avaro, Insegnare alle strege tue alunne, Come rovinare suo raccolto Con tempesta, folgore e balen, Con grandine e vento.

යම් කිසි පූජකයෙක් ඔහුගේ දේශනයෙන් ඔබට යම් පීඩාවක් කරයිද, ඔහුට එම පීඩාව දෙගුණ කර දෙන්න; එය මාගේ නාමයෙන්, එනම් "සියලු මායාකාරීන්ගේ රැජින වන ඩයානා" ගේ නාමයෙන් කරන්න. යම් කිසි පූජකයෙක් හෝ ධනවතෙක් ඔබට ඔවුන් "ගේ පීතෘත් පුත්‍රයාත් සහ මාරියා ත් ගැන අදහාගනනුව"යි කියයි නම්, "තොපගේ දෙවියන් ද පීතෘ ද මාරියා ද යක්ශයින් තුන් දෙනෙකි" යි පිලිතුරු දෙන්න. "තොපගේ දෙවියන් සත්‍ය වූ දෙවියන් නොවේ, මා පැමිණියේ නපුරු වූ දුර්ජනයා අතුගා දැමීමටයි, විනාශ කිරීමටයි!"
Quando un prete ti fara del male, Del male colle sue bene di "Zioni, Tu le farei (sempre) un doppio male Col mio nome, col nome di /Diana/, Regina delle streghe..."
Quando i nobili e prete vi diranno Dovete credere nel Padre, Figlio, E Maria, rispondete gli sempre, “Il, vostro dio Padre e Maria Sono tre diavoli... Il vero dio Padre non e il vostro - Il vostro dio - io sono venuta Per distruggere la gente cattiva E la distruggero....

දුක්පත් වූ ද සාගතයෙන් පීඩිත වූද පීඩා කරනු ලැබූ හා සිරකර තැබූ ද මිනිසුනි, තොපටද ආත්මයක් ඇත, ඒ ආත්මයට පරලොවදී යහපතක් ම වනු ඇත, ඔබට පීඩා කල සියල්ලන්ටම වන්නේ නපුරක් ම ය.
Voi altri poveri soffrite anche la fame, E lavorato malo e molte volte; Soffrite anche la prigione; Mapero avete una anima, Una anima più buona, e nell’altra, Nell’altra mondo voi starete bene, E gli altri male.”...

ඉදින් ඈ අරඩියාට සියලු මන්ත්‍ර ශාස්ත්‍ර ද නපුර විනාශ කරන ආකාරයද උඟන්වා දී ශිශ්‍ය ශිශ්‍යාවන්ට මෙසේද කියන්නැයි කීවාය...

මා මේ ලෝකයෙන් සමු ගත් දිනෙක, ඔබට යම් කිසි හෝ උවමනාවක් වේ ද, පුර සඳ පායා ඇති දිනෙක කාන්තාර (පාලු) භූමියක හෝ වනාන්තරයක සියලු දෙනා රැස් වන්න. මාගේ මව වූත් ඔබේ රැජිනිය වූත් ඩයානා ගේ බලවත් වූ ආත්මය වන්දනා කරන්න. මායා මන්ත්‍ර ශාස්ත්‍ර සියල්ල ඉගෙනුමට රිසි වූත් එහි ගැඹුරු රහස් නොදත් ඇයට මාගේ මව ඒ සියල්ල කියා දෙනු ඇත.
Quando io saro partita da questo mondo, Qualunque cosa che avrete bisogna, Una volta al mese quando la luna E piena...
Dovete venire in luogo deserto, In una selva tutte insieme, E adorare lo spirito potente Di mia madre Diana, e chi vorra Imparare la stregonerie, Che non la sopra, Mia madre le insegnera, Tutte cose....

ඔබ සියලු දෙනාම සියලු බාධක වලින් නිදහස් වනු ඇත, එයට සංකේත වශයෙන් සියලු මිනිසුන් සහ ගැහැනුන් නිර්වස්ත්‍රව සිට වන්දනා කල යුතුය; ඔබට විරුද්ධ වන්නන්ගෙන් අන්තිමයාද මරණයට පත් වන තුරු මෙසේ කල යුතුය. ආලෝකය නිවා දමා ක්‍රීඩා කරන්න, ඉන් පසු ඔබේ භෝඡන උත්සවයද පවත්වන්න.
Sarete liberi della schiavitù! E cosi diverrete tutti liberi! Pero uomini e donne Sarete tutti nudi, per fino. Che non sara morto l’ultimo Degli oppressori e morto, Farete il giuoco della moccola Di Benevento, e farete poi Una cena cosi:

4 comments:

Anonymous said...

මේ ලිපි/සටහන් දෙකේම අන්තිමට දකින්නට තියෙන්නේ නිරුවතින් කැලෑවක් මැද්දේ නටන්න කියන එකයි. මේවා අපගේ දෙවියන් වහන්සේ ගේ කැමත්තට විරුද්ධව කරන දේවල්.

ලුසිෆර් කියන්නේ යක්ශයාට සම්බන්ධ සමාන නමක්. සදාකාලික දුක් විඳීමෙන් ගැලවෙන්නට දැන්ම මේවා අත් හරින්න. ඔබව ගලවා ගැනීමට, ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි ක්‍රමයක් වහාම දන්වන්න. මේ ඔක්කොම ආපසු ආදි කාලයට යෑමක්.

Wiz Kun said...

ඔබ අසා ඇති ලුසිෆර් සහ මෙහි සඳහන් ලුසිෆර් අතර බොහෝ වෙනස් කම් තිබෙනවා. එකම නමක් තිබුනත් ඉන් අදහස් වන්නේ ස්වායක්ත ඓකිකයන් දෙකක් බවයි මගේ අදහස.

ඔබ අදහන ආගමට විරුද්ධව අපගේ කිසිම විරුද්ධතාවයක් නැහැ, තිබෙන එකම ගැටලුව නම් ඔබ ඔබේ විශ්වාසයන් එකම නිවැරදි මාර්ගය ලෙස අන් අයට බලෙන් පැටවීමට උත්සාහ ගැනීමයි.

මෙම ලිපි දෙකේම අවසානයේ දක්වා ඇති චාරිත්‍ර විධිය ඉතා පුරාණ ආකාරයටම පරිවර්තනය කර තිබෙනවා. එහි ඇති මෙම විෂේශත්වය හඳුන්වන්නේ SkyClad (අහසින් පමනක් ආවරණය වූ) ලෙසටයි. මෙය වර්තමානයේ නම් බොහෝ දෙනා පිලිපදින චාරිත්‍ර ක්‍රමයක් නොවේ; එය කිසිවිටෙකත් අනිවාර්ය වූ අංගයක් ද නොවේ. එහි එකම සහ මූලිකම පරමාර්ථය වන්නේ සොබාදහම සමඟ වඩා කිට්ටුවෙන් සම්බන්ධ වීමයි.

මෙහි සඳහන් කිසිම විශයයක් ආපසු ආදි කාලයට යෑමක් ලෙස හඳුන්වන්නට බැහැ. මීට පෙර ප්‍රතිචාරයට (බොහෝ විට ඔබගේම විය හැක) ලියා ඇති මාගේ ප්‍රතිචාරයද බලන්න. මේවායෙන් ප්‍රයෝජනයක් ලද නිසා එම ප්‍රයෝජනය අනෙක් අයටත් ලබා ගැනීම සඳහායි මෙසේ පරිවර්තනය කර පල කරන්නේ. ඔබට එයින් ප්‍රයෝජනයක් අවශ්‍ය නැතිනම් මෙය නොකියවා සිටිය හැකියි.

Anonymous said...

ලස්සන සුරංගනා කතාවක්

Unknown said...

ආගම් හා දර්ශන ගැන මගේ මතය කියන්නද?මේ සියලු ආගම් එක් මූලයකින් ආ බවත් එම මූලය විකෘතිකළ බවත් මට හැගෙනවා.ආදිම ආගම තමයි විශ්වමාතා ධර්මය.අන් සියලු ආගම් එහි විකාශනයන්.අපගේ සිත කරා යළි ගමන් කිරීම යනු මේ සත්‍ය අවබෝධ කර ගැනීමයි.පාපය,ලිංගිකත්වය ,මෝක්ෂය වැනි කරණු ගැන අප මත පටවා ඇති සංකල්ප යළි විමසීම අවශ්‍යයි.hi