චන්ද්‍රාරාධනය (සහ පංචවිධ සිපාචාරය) - Drawing Down the Moon (and The Fivefold Kiss)


ප්‍රධාන පූජක වරිය දෑත් හරස් කර ගෙන දේවතාවියගේ ඉරියව්වෙන් අල්තාරය ඉදිරිපස සිටගෙන සිටී.
High Priestess stands in front of Altar, assumes Goddess position (arms crossed).

ප්‍රධාන පූජක වරයා ඈ ඉදිරිපිට දණ නමා යශ්ඨියෙන් ඇය මත පස් කොන් තරුව (pentacle) අඳී.
Magus, kneeling in front of her, draws pentacle on her body with Wand,

ඉන්පසු මෙසේ ආරාධනා කරයි, "සියලුම ජීවයේත්, ශශ්‍රීකත්වයේත් ඓශ්චර්යමත් මාතාවට මා ආරාධනා කරමි. බීජයෙන් ද මූලයෙන් ද, අරටුවෙන් ද කැකුළෙන් ද, පත්‍රයෙන් ද පුශ්පයෙන් ද ඵලයෙන් ද, ජීවයෙන් ද ප්‍රේමයෙන් ද මා ඔබට ආරාධනා කරමි, නුඹගේ සේවකයානන් වූ අපගේ ප්‍රධාන පූජක වරිය [නම] තුලට පැමිණෙන ලෙස.
invokes, "I Invoke and beseech Thee, O mighty Mother of all life and fertility. By seed and root, by stem and bud, by leaf and flower and fruit, by Life and Love, do I invoke Thee to descend into the body of thy servant and High Priestess [name]."

චන්ද්‍ර දේවතාවිය ප්‍රධාන පූජක වරිය තුලට ආරාධනා කිරීමෙන් පසුව ප්‍රධාන පූජක වරයා සහ අනෙකුත් පුරුශයින් ඇයට පංචවිධ සිපාචාරයෙන් ආචාර කරයි.
The Moon having been drawn down, i.e., link established, Magus and other men give Fivefold Kiss:

(දෙපා සිපගනිමින්) ආසිරි වේවා නුඹේ දෙපතුල්, නුඹ මේ මඟ ගෙන ආ;
(kissing feet) "Blessed be thy feet, that have brought thee in these ways";

(දෙදන සිපගනිමින්) ආසිරි වේවා නුඹේ දෙදණ, ශුද්ධවූ අල්තාරය අබියස දණ නමන;
(kissing knees) "Blessed be thy knees, that shall kneel at the sacred altar";

(ගර්භය සිප ගනිමින්) ආසිරි වේවා නුඹේ ගර්භය, අපට උපත දුන්;
(kissing womb) "Blessed be thy womb, without which we would not be";

(පියයුරු සිප ගනිමින්) ආසිරි වේවා නුඹේ පියයුරු, සුන්දරත්වයෙන් සහ ශක්තියෙන් සැදුම්ලත්;
(kissing breasts) "Blessed be thy breasts, formed in beauty and in strength";

(දෙතොල් සිප ගනිමින්) ආසිරි වේවා නුඹේ දෙතොල්, ශුද්ධ වූ නම් තෙපලන;
(kissing lips) "Blessed be thy lips, that shall speak the sacred names."


සියලුම කාන්තාවන් හිස නමා ආචාර කරයි.
Women all bow.

ආඥාව (The Charge) කියවන්නේ මෙයින් පසු ය.

No comments: