Magick සහ චිත්ත බලය (Psychic powers) හැඳින්වීම

Magick යනු අධිශ්ඨාන බලය (Will), චිත්ත බලය (Psychic power) තුලින් ස්වාභාවික ලෝකයේ වෙනසක් සිදු කිරීම බව මීට පෙරත් අප සාකච්චා කලෙමු. එහි මූලධර්ම සම්පූර්ණයෙන්ම ස්වාභාවික සහ ප්‍රායෝගික වේ. නිවැරදි ක්‍රමයට අනුව නිතර පුහුණු වීමෙන් මින් බොහෝ ප්‍රයෝජන ගත හැක. මෙහි මූලිකම සිද්ධාන්ත වල සාරාංශය නම් විශ්වයේ පවතින ශක්තියත්, ජීව ශක්තියත් අපගේ චිත්ත රූප, අධිශ්ඨාන ශක්තිය හා මුසු කර මුදා හැරීමෙන් භෞතික ලෝක තලයේ වෙනස් කම් කල හැකි බවය.

මේ සඳහා අපට අවශ්‍ය වන වැදගත් ම උපකරණය වන්නේ අපගේ සිතයි. සිත දියුණු කිරීම තුලින් අප ජීව ශක්තියත් විශ්වයේ ශක්තියත් මනසේ පාලනයට නතු කර ගත හැක. මේ සඳහා වන භාවනා ක්‍රම ඉදිරි ලිපි වලින් පල වනු ඇත. මෙහිදී ශක්තිය යන වචනයෙන් අදහස් වන්නේ භෞතික විද්‍යාවේ හැඳින්වෙන ශක්තිය නොව අප සිරුරේ පවතින ජීවයයි. භෞතික ඉන්ද්‍රීයයන්ගේ සංවේදන මට්ටම ඉක්මවා මනස සුසර කල විට අප සිරුරේ ජීවය එය තුලින්ම සංවේදනය කල හැකි වේ. එය සංවේදනය වන්නේද අප ජීවයටමය. ඒ කෙසේද යත්, උදාහරණ වශයෙන් අප අත මිට මෙලවූ විට අත දැනෙන්නේ අතටමය.

Magick වල සාමාන්‍ය ක්‍රියාවලිය නම් අවට පරිසරයෙන් ශක්තිය තමා තුල ජීව ශක්තියට ඇද ගැනීමත්, ඉන්පසු එය චිත්ත රූප (Visualization) සමඟ එක් කිරීමත් ය. (මීට අමතරව වෙනත් තාක්‍ෂණික ක්‍රම ද එකතු කල හැක). අවට පරිසරයෙන් ශක්තිය ඇද ගැනීමට භාවිතා වන ක්‍රමයත් පදනම් වන්නේ චිත්ත රූප වලට මනස අරමුණු කිරීමයි. නමුත් මෙම ක්‍රමය හුදෙක්ම චිත්ත රූප අරමුණු කිරීමක් පමණක් නොව, ක්‍රමවත්ව ශක්තිය මුදා හැරීමකි. ඒ සඳහා ක්‍රමවත් ව මනස පුහුණු කල යුතුය. මෙම ක්‍රමය තුලින් හුදෙක් චිත්ත රූප අරමුණු වලට වඩා ප්‍රබල ප්‍රතිඵල ලැබිය හැක.

මෙය ඉතා ප්‍රායෝගික සහ පර්යේශනාත්මක (Practical and Experimental) විශයයකි. එම නිසා එක් නිවැරදි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි මූලධර්මයක් පෙන්වා දිය නොහැක. බොහෝ දෙනා විසින් අත්හදා බලා සනාථ කර ගත් ක්‍රම වඩා ජනප්‍රිය වී ඇත. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සාර්ථක වන ක්‍රමවේදය හෝ තාක්ශණය වෙනස් විය හැක. එම නිසා විවිධ ක්‍රම සහ විකල්ප අධ්‍යයනය කර තමාට වඩා සාර්ථක වන ක්‍රමය සොයාගැනීම වැදගත් වේ.

මේ විශය සම්බන්ධව ගැඹුරට හැදෑරීමට කැමති කෙනෙක් වේ නම් ඒ සම්බන්ධව තමා විසින් සොයාගත් කරුණු, ප්‍රගතිය සහ අත්දැකීම් සටහන් කර තබාගැනීමට විෂේශ පොතක් (Journal) තබාගත යුතුය. එවිට තමාගේ ප්‍රගතියත් වඩා සාර්ථක වූ ක්‍රමත් හඳුනාගැනීමට හැකිවේ. සාමාන්‍යයෙන් මෙවැනි පොතක් හඳුන්වන්නේ බුක් ඔෆ් ෂැඩෝස් (Book Of Shadows - BOS) නමිනි. මෙය සාමාන්‍ය සටහන් පොතකට වඩා විශේෂ ලෙස සකසා ආරක්ශිතව තබා ගැනීම වැදගත් වේ.

සෑම බලයකටම ප්‍රමාණයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් බලයක් ඇත යන්න භෞතික විද්‍යාවේ නියමයකි. එමෙන්ම අප විසින් කරන සියලුම ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබෙන බව ලෝකයේ ස්වාභාවයයි. එය කර්මය නමින් ද හඳුන්වයි. විකා වල ඉඟැන්වීමට අනුව අපගේ ඕනෑම ක්‍රියාවක් තුන් ගුණයකින් වැඩිවී නැවත පැමිනේ. මෙය Theefold Law / Law of Three ලෙස හැඳින්වේ. ලෝකයේ කිසිම තැනක කර්මයේ ප්‍රතිවිපාක වලින් වැලකී සිටිය නොහැකි බවද කියැවේ. අප විසින් කුමන ක්‍රමයක් භාවිතා කලද ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබේ. එම නිසා මෙම ක්‍රම භාවිතා කිරීමේදී එය තවත් පුද්ගලයෙකුට හානියක් කිරීමට භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. අනෙක් අයට යහපතක් කිරීමෙන් තමාටත් යහපතක් සැලසේ.

භෞතික ලෝකයේ වස්තුවක් චලනය කිරීමේදී කුඩා වස්තුවක් සඳහා අඩු බලයක් ප්‍රමාණවත් වුවද, වඩා විශාල වස්තුවක් සඳහා වැඩි බලයක් යෙදීමට අවශ්‍ය වේ. ඝර්ශණය සහ ප්‍රතිරෝධී බල ද මීට එකතු වේ. වස්තුවක් චලනය වීමට දක්වන ප්‍රතිරෝධය ගම්‍යතාවය (Momentum) ලෙස භෞතික විද්‍යාවේදී හැඳින්වේ. Magick වලද යම් කිසි ක්‍රියාවක් සඳහා යෙදිය යුතු ශක්ති ප්‍රමාණය ඒ ඒ ක්‍රියාවේ ස්වාභාවිකව සිදු වීමට ඇති සම්භාවිතාවය අනුව වෙනස් වේ. මෙය Magickal Momentum ලෙස හැඳින්වේ. තනි පුද්ගලයෙකුගේ භෞතික ශරීරයට දරාගත හැකි මට්ටමට වඩා ශක්තියක් භාවිතා වන ක්‍රියාවන් සිදු කිරීමෙන් නොයෙක් ආකාරයෙන් ආබාධ වලටද ගොදුරු විය හැකි නිසා මෙය ක්‍රමවත් ව සිදු කල යුතුය.

13 comments:

Anonymous said...

මල්ලි ලඟදී Harry Potter වත් බැලුවාද, ඕවා ඇත්තටම කරන්න පුලුවන් දේවල් ද හැබෑට.

මේවා මේ ගෙවල් වල නිකං ඉන්න වැඩ නැති ගෑනු උදවිය කියවන දේවල්.

Wiz Kun said...

ඉතා සෘණ වුවත් මේ බ්ලොග් සටහනට/ලිපි පෙල ට ලැබුන මුල්ම ප්‍රතිචාරය විදිහට ඔබේ ප්‍රතිචාරය අගය කල යුතුයි. ඊට හේතු දෙකක් තිබෙනවා. ඉන් පලමු වැන්න නම් කාගෙන්වත් ප්‍රතිචාරයක් නැතිව ලිපි පෙලක් කරගෙන යෑම එපා වෙනවා. දෙවැනි කාරණය නම්, ඔබේ අදහසට එකඟ විය නොහැකි නමුත් එය බොහෝ දෙනෙකු තුල පවතින අදහසක් වචන වලට නැඟීමක් වන නිසාය.

මේ විශය අවබෝධ කරගෙන ඉන් නියම ප්‍රයෝජන ගැනීමට නම් ඉහල බුද්ධි මට්ටමක් තිබිය යුතු වනවා. ඔබ කියන ආකාරයේ අයට නම් මින් නියම ප්‍රයෝජන ගත හැකි බව සැකයි. මේ විශයයන් සම්බන්ධ පුරෝගාමීන් වූ තවත් කිහිප දෙනෙකු ගෙන බැලුවහොත්, ජෝන් ඩී යනු මධ්‍යකාලීන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ ගණිතඥයෙකි, තාරකා විද්‍යාඥයෙකි; Enochian magic හඳුන්වා දුන්නේ ඔහුය. අයිසැක් නිව්ටන් වැනි මහා විද්‍යාඥයින් ද මේ හා සමීප විශය පථයන් වන Alchemy වැනි විශයයන් කෙරෙහි උද්යෝගය දැක්වූ අය වූහ.

Harry Potter ගැන කියනවානම් එය හොඳ කතා පොතක්, නමුත් එහි හෝ වෙනත් (Charmed වැනි) රූපවාහිනී කථා මාලාවක ඇති දේවල් මේ හා සංසන්දනය කිරීම වැරදියි. සාමන්‍ය ජනතාවගේ අවධානය දිනා ගැනීමට නිර්මානය කර ඇති මේ Fiction වල ඇති දේවල් ප්‍රායෝගිකව කල නොහැකියි, හැකි වුවත් ඉතා සංකීර්නයි. මෙවැනි දේවල් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Fluffy Bunny ලෙසයි.

සු said...

අර පළමු ප්‍රතිචාරය හරිම ප්‍රතිගාමී යි නෙ. ගෙවල්වල ඉන්න ගෑහැණු උදවියට නේද වැඩිම වැඩ ප්‍රමාණයක් තියෙන්නේ..

Wiz Kun said...

ප්‍රතිගාමී කියන වචනයේ තේරුම නම් මම හරියටම දන්නේ නැහැ. ඒත් ඒ පළමු ප්‍රතිචාරයේ ඇති අදහසට එකඟ වෙන්න නම් බැහැ.

මා අසා ඇති ආකාරයට "ඔබට වැඩක් ඉක්මනින්ම කරවා ගැනීමට අවශ්‍යනම් එය කන්ඩායමේ කාර්ය බහුලම පුද්ගලයාට පවරන්න" ලු. :)

කෙසේ වෙතත් ඔබේ ප්‍රතිචාරයට මා එකඟයි. ස්තූතියි!

Anonymous said...

අනේ බං... උඹට හරි හමං ආගමක් නැත්තං අඩුම ගානේ මාක්ස්වාදියෙක් වෙයං... යුරෝපෙන් අතුගාලා දාපු බහුබූත මේ ලංකාවට බෝ කරන්නේ නැතුව....

Wiz Kun said...

ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක්. ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියෙනවා, ඒ වගේම එය හරිහමං ආගමක්ද නැද්ද යන වග කතා කිරීමටත් ඕනෑම sdxg sdgsjට අයිතිය තියෙනවා! :)

ඔබේ දෙවන චෝදනාව වන ලංකාවට බෝ කිරීම යන්නට කෙසේත්ම එකඟ විය නොහැකියි. මක්නිසාද මෙම බීලොග් අඩවිය ඇත්තේ කැමති කෙනෙකුට පැමිණ කියවා දැනගැනීමටයි. මෙම අඩවිය හෝ එහි ඇති ලිපි කිසිවෙකුට බලෙන් EMail කර හෝ Spam Link කර නොමැත. මෙය සිංහල භාෂාවෙන් තිබුනද මෙම අඩවිය Host කර ඇත්තේ ලංකාවේ Server යක නොවන බවත් දැනගන්න.

Wicca යනු ඇ.එ.ජනපදයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ආගම බවත් 2010 දී එය එම රටේ තුන් වන වැඩිම පිරිසක් අදහන ආගම බවට පත් වනු ඇතැයි සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

තරහා නෑ නේද ;)

Anonymous said...

මල්ලී... ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්නේ ව්‍යවස්ථාවෙන් නේ.... ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී රටේම තමයි කැමරා ඉස්සරහම මර්වින් සිල්වා මිනිස්සුන්ට ගහන්නෙත්, මිනිස්සු මර්වින් සිල්වට ගහන්නෙත්. ඒක නිසා අර මකලා දැම්ම comment එකේ තිබ්බ දේ වෙන්න තියන්න එපා.

මේව බලෙන් ඊමේල් කරන්නේ නෑ කියනවා නම් අර බ්ලොග් සින්ඩිකේටර් වලිනුත් අයිං කරන්න වෙයි. මොකද ඒව කියවන මිනිස්සුන්ටත් මේ බහුබූත බැලෙන නිසා.

බූරු කතා කියන්න එපා, ලංකාවේ හොස්ට් කරලා නැති උනාට ලංකාවේ ඉඳලා බලන්න පුළුවන්නේ මොඩයෝ...

ඇමරිකාවේ ජනප්‍රිය වෙන හැම බහුබූතයක්ම අපි පිළිගන්න ඕන කියලද කියන්නේ? ඒකද ඔහේගේ ගොං වැඩේ සාධාරනීකරණය කරන්න තියෙන උදාහරණය?

Wiz Kun said...

මම එයින් අදහස් කලේ ඇමෙරිකාවේ ජනප්‍රිය වෙන දේ අපි පිලි ගත යුතු බව නම් නොවේ. මෙය කිසිවෙකු පිලිගත යුතු බවවත් එසේ නොකිරීමෙන් අපාගත වන බව වත් මම කොතැනකවත් කියා නැත. නිකං නැට්ට පාගගන්න එපා. මම එයින් පිලිතුරු දීමට උත්සාහ කලේ ඔබ 'යුරෝපයෙන් අතුගාලා දාපු බහුබූත' කියූ කොටසටයි.

'ගොං වැඩේ' යන්න හේතු සහිතව පැහැදිලි කල හැකිද?

Anonymous said...

ගොං වැඩේ කියන්නේ ඔහේ හයක් හතරක් නැතුව මේ කරන වැඩේට. ඇටෙන් පොත්තෙන් මෝරණ කොට ලංකාවේ දිග පළල දන්නේ නැතුව, ඵලවිපාක හිතන්නේ නැතුව, අනිත් මිනිස්සුන්ට වෙන බලපෑම හිතන්නේ නැතුව, අනවශ්‍ය දේවල් මිනිස්සුන්ගේ ඔළුවලට දාන, අනිත් මිනිස්සු නොමඟ යවන, අනිත් මිනිස්සුත් ඇදගෙන ඔහේ අයාලේ යන වැඩ වලට තමයි ගොං වැඩ කියන්නේ. (ගොන්නුත් එහෙමයි. නඟුලෙ බැන්දත් ඇදගෙන යනවා, කරත්තෙ බැන්දත් අදිනවා, තවලම පැටෙව්වත් අදිනවා, පිටේ නැග්ගත් අදිනවා)

පොඩි කාලේ ඉඳලා ගොං කිරි බිව්වට කමක් නෑ. ඇටෙං පොත්තෙන් මෝරලා සමාජෙට බහිනකොට තමන් තමයි පොර, තමන්ට හිතෙනදේ හරි, අනිත් එවුං කවුද මම නේ අයියා කියලා හිතාගෙන ගොං වැඩ කරන එක නතර කරපං. උඹට නෙමේ ලැජ්ජා හරි හමං ආගමක් ජාතියක් තිබ්බ උඹගේ අම්ම අප්පට.

Wasana Pathirana said...

මේ අඩවිය මා ඇස ගැටුනේ සින්ඩිකේටරය හරහා. එසේ නොවන්නට මේ අඩවිය බොහෝ දෙනෙකුට හමු නොවෙන්නට ඉඩ තිබෙනවා. සින්ඩිකේටරයක් තිබිය යුත්තේ විවිධාකාරයේ අදහස් ඇති අයගේ අඩවි වල තොරතුරු බොහෝ දෙනාට දැකබලාගැනීමට. ඔබේ ගූගල් සමූහයට ඇති සබැඳුම දැක්කේ අදයි.

Wiz Kun said...

දැන්, මිනිස්සුන්ගේ ඔලු වලට දාන්න හොඳ දේවල් මොනවාද හොඳ නැති දේවල් මොනවාද කියලා තීරණය කරන්නේ "ඔහේ"ද? තමන්ගේ ඔලු වලට දාගන්නේ මොනවාද කියන එක ඒ මිනිස්සුම තීරණය කරාවි. "ඔහේ" ට ගැලපෙන්නේ නැතිනම් කියවලා ඔලුවට දාගන්නේ නැතිව ඉන්න! එක්කෝ කියවන්නෙම නැතිව ඉන්න.

මේවා මේ ඉස්ඉස්සෙල්ලාම ලංකාවට හඳුන්වා දෙන්න යනවා නම් නෙමෙයි. ලංකාව ඇතුලේත් අපේ තව කට්ටිය ඉන්නවා (මෙය කිසි සේත්ම තර්ජනයක් නම් නොවේ). මා මෙසේ පරිවර්තනය කර පලකරන්නේ අපට වෙනත් භාෂා වලින් ලැබුන දැනුම සිංහල හොඳින් දත් අයටත් බෙදා දීමටයි. ඉන් ප්‍රයෝජනයක් ගැනීමට ඉඩ සැලසීමටයි.

ඔබ "ගොං වැඩය" යන්න සඳහා දී ඇති හේතු කිසිම පදනමක් විරහිතයි. ඔබට අවශ්‍ය එකම දේ ඔබේ මතයට එරෙහි සියලුම මතවාද වැරදි යයි එලව එලවා පහර දීමටයි. මෙයින් ඔබ ප්‍රදර්ශනය කරන්නේ ඔබේ අන් මතය ඉවසීමට ඇති නොහැකියාවයි. ඔබ "ගොං වැඩය" යන වචනය භාවිතා කර ඇත්තේ හුදෙක්ම තවත් පුද්ගලයෙක් හෝ මතයක් පහත් කර කථා කිරීමටයි.

කසුන් චාමර said...

hමම නම් කොහොමවත් හිතන්නෙ නෑ මේ කරලා තියෙන්නෙ ගොන් වැඩක් කියලා මොකද දැන් ගොඩක් ජනප්‍රිය කුණ්ඩලිණි යෝග අභ්‍යාස වලින් කරන්නෙත් මේ ශරීරයේ තියෙන විශ්ව ශක්තිය එක්ක සම්බන්ද කිරීම තමයි...කවුරැ මොනා කිවුවත් මේවයි තියෙන ඇත්ත දැන් ඉන්න යුරෝපීය විද්‍යාඥයන් තහවුරැ කරලා තියෙනවා...මේව බොරු නෙවෙයි....ඔයා කරන්නෙ සිරා වැඩක්...එල..ජයෙන් ජය..

Unknown said...

මේ site එකේ තියන කරුණු බොහෝම ප්‍රෙයෝජනවත් ඒවා.චිත්ත බලයෙන් කරන්නට පුළුවන් දේවල් සාමාන්‍ය මිනිසෙකුට හිතල නිම කරන්න බෑ.මේක මගේ ප්‍රකාශයක් නෙවෙයි.බුදුන් වහන්සේගේ ප්‍රකාශයක්.ඒ නිසා මේ වගේ දේවල් වලට ගරහන අය හරි මෝඩයි.මොකද,මේවගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.ඉතින් මේ වගේ දෙයක්වත් කියවල දැනුමක් ගන්න පිනක් තියෙන්න ඕනෙ.