Showing posts with label ඩයානා. Show all posts
Showing posts with label ඩයානා. Show all posts

යහපත් වන්දනාකාරිය සහ කුණාටු ගෙදර (La Bella Pellegrina della Casa al Vento)

මෙය "මායාකාරීන්ගේ-දේවවාක්‍ය" පොතට මූලික වශයෙන් අයිති නැති වුවද මැඩලේනා විසින් දීර්ඝ අත්පිටපතක් ලෙස ලද නිසා ලේලන්ඩ් විසින් Aradia පොතට ඇතුලත් කර තිබේ. මෙහි අඩංගු වන්නේ මධ්‍යකාලීන-යුගයේ අවසාන භාගයේ ඉතාලියේ සිදුවූ සත්‍ය සිදුවීම මාලවක් ඇසුරෙන් ගොඩනැගුනු කථාවකි.

එක්තරාපුද්ගලයෙක් WitchHunter නමින් ප්‍රතිචාර කිහිපයක් ලියා ඇතිබව දුටුවෙමි. ඒවා බොහෝමයකට පිලිතුරු මේ තුල අඩංගු වනු ඇත.

ඉතාලියේ කඳුකර පෙදෙසක වොල්ටෙරා නමින් ඉතා රමණීය නගරයක් වෙයි. ඒ නගර සීමාසන්නයේ කන්දක් පාමුල කුඩා නිවසක් වෙයි. මේ නිවස අදටත් හඳුන්වන්නේ "කුණාටු ගෙදර" යන නමිනි. ඒ අසලම කලකට පෙර කුඩා මාලිගාවක් බඳු වූ මැදුරක් විය. ඒ නිවසේ විසූ යුවලට සිටියේ එකම දරුවෙකි, ඈ දැරියකි. ඇයට ඔවුන් බොහෝ ආදරය කලෝය. නමුත් ඇයට ඉතා දරුණු හිසේ රුදාවක් වැලඳෙමින් තිබූ නිසා ඔවුන්ට මහත් ගැටලුවක් විය.

දිනෙන් දින ඈ උස් මහත් වී වැඩෙන්නට විය, මේ අතර ඇගේ සුළුමවගේ දේව භක්තියද දිනෙන් දින වැඩෙන්නට විය. ඇගේ සුළුමවගේ වුවමනාව වූයේ කෙදිනක හෝ තම දුව මහණ කරවීමටය. මෙයට කොහෙත්ම කැමති නුවූ කුමරිය කියා සිටියේ ඇයට අවශ්‍ය අන් කුමරියන් සේ විවාහ වීමට බවයි.

දිනෙක ඈ කවුලුවෙන් පිටත බලා සිටින අතර තුරු ලිය ගොමුවක කුරුල්ලන් සෙල්ලම් කරනු දිටීය, ඒ දැක තම සුළුමවට කියා සිටියේ කෙදිනක හෝ ඇගේම දරු දැරියන්ට මැදිව සතුටින් ගයමින් සිටීමට ප්‍රිය කරන බවයි. මේ අසා ඇගේ සුළුමවට බොහෝ කෝප ඇති විය; ඉන්පසු ඇගේ දෑත් බැඳ තැබීය. බොහෝ සේ හැඩූ ඇය කියා සිටියේ කෙදිනක හෝ පලා යන බවත් තම සුළුමවගේ අදහසට කොහෙත්ම ඉඩ නොදෙන බවත් ය. කුඩා කල පටන් හිතුවක්කාර ගති තිබූ දැරියගේ මේ කථාවෙන් සුළුමවට බියක් ද ඇති විය. ඇයට තිබූ අනෙක් බිය නම් තම දැරියට දැනටමත් පෙම්වතෙක් ඇති ද යන්නයි; එසේ වූයේනම් බොහෝ කලහ ඇති විය හැක.

සුළුමවගේ මීලඟ උපාය වූයේ දියණිය ට කුලවත් ගුරුවරියකගේ ඇසුර ලබා දී සිත වෙනස් කරවීමටයි. ඉතා වියපත් වූත් බුද්ධිමත් බව නිසා ප්‍රසිද්ධ වූත් අසල්වැසි කාන්තාව ගැන අගේ මවට මතක් විය, ඇගේ දියණියගේ හදවත භක්තියෙන් පිරවීමටත් තමාගේ කීමට නම්මවාගැනීමටත් සුදුසුම වන්නේ තමාගේ අසල්වැසි නිවැසි වියපත් කාන්තාවම බව ඇය සිතුවය. එම වියපත් කාන්තාව කැඳවූ ඇය, බොහෝ මුදල් ද දී තම දැරිය දිවා රෑ බලා ගැනීමට එම පාලිකාවට පැවරීය. විරෝධය පා කලහ කිරීම වෙනුවට දැරියද පාලිකාව සමඟ මිතුරු විය.
කෙසේ වුවද ලෝකයේ ඒ ඒ දේ අප කැමති ලෙසම සිදු නොවේ, ගංඟාවක වැලි ගල් අතර මොන ආකාරයේ මත්ස්‍යයින් සැඟව සිටිත්දැයි කවුරු දනිත් ද? ඒ ආකාරයටම මේ ගුරුවරියද, දැරියගේ සුළුමව සිතා සිටි ආකාරයේ භක්තියකින්, ඇදහීමකින් යුත් තැනැත්තියක් නුවූවාය. ඈ කිසි විටෙක දැරියගේ සුළුමවට අවැසි ආකාරයේ බලපෑමක් නොකලාය.

සඳ ඇති දින වල සඳලුතලයේ වැතිරී රෑ කොබෙයියන් ගේ හඩට සවන් දීම මේ දැරිය පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිටි එක් දිනක ඇගේ පාලිකාව මහා සඳලුතලයේ සිටිනු විවෘත කර තුබූ දොරෙන් ඇයට ඇසින. මීලඟ දිනයේත් ඒ හඩ ඇසුන හෙයින් ඈ ඉතා සෙමෙන් සහ නිශ්ශබ්දව විවෘත කර තුබූ දොරෙන් මහ සඳලුතලයට පිවිසියාය. එතැනදී ඇය දුටුවේ ඇගේ පාලිකාව සඳ එලිය වැටී තුබූ තැනෙක දණ නමා යමක් මුමුනමින් සිටින බවයි. ඒ කිසිවක් ඇයගේ අවබෝධයට හසු නුවූයෙන් ඇගේ කුකුස තව තවත් වැඩි විය. මේ සියල්ලෙන්ම මදක් පමණ බියට පත්ව සිටි ඇය දුටු සියල්ලම තම පාලිකාවට පවසා සිටියාය.

ඉදින් දැරියගේ පෙරැත්තය නිසාම ඈ බන්ධනය කර රහස්‍ය භාවය පිලිබඳ දිව්රුමක් ද ගෙන මෙසේ කියා දුන්නාය. "මමද පෙර නුඹ මෙන්ම පූජකයන් විසින් උඟන්වනු ලදුව නොපෙනෙන දෙවි කෙනෙක් උදෙසා වන්දනා කලෙමි. නමුදු පසුව මට හමුවූ ඉතා හිතෛශී, විශ්වාසවන්ත මහලු ස්ත්‍රියක් කෙරෙන් මේ ඉඟෙනුමට ලැබුනි, 'මහත් වූ ශ්‍රීයෙන් ද යුක්තව පායා සිටින චන්ද්‍රයා පෙනෙන්නට සිටිද්දී, නොපෙනෙනාවූ දෙවි කෙනෙකු වන්දනා කරන්නේ කිමද. චන්ද්‍රාධිපති ඩයානා දේවතාවිය කැඳවන්න, ඈ ඔබගේ කැමැත්තද, ඉල්ලීමද ඉටු කරනු ඇත.'"

තරුණ දැරියද මීට බොහෝ සේ කැමතිව චන්ද්‍ර දේවතාවිය වූ ඩයානා වන්දනාවට හැරවුනාය. ඉදින් ඇගේ මුලු හදවතින්ම තරුණයෙකුගේ ආලය පතා යැද නොබෝ කලකින්ම ධනවත් නිර්භීත කුමාරයෙකුගේ අවධානයද කැමැත්තද දිනාගත්තාය. ඇගේ සුළුමව මේ බව දැන ඇගේ අභිප්‍රාය ඉටුකිරීමට බාධාවක් හෙයින් බොහෝ සේ කෝප වූවාය. ඉදින් මේ තරුණයා ඇගේ නිවසට පැමිණ තරුණිය විවාහ කර ගැනීමේ තම අදහස ප්‍රකාශ කල විට ඇගේ සුළුමව ඔහුව එලවා දැමීය, තවද, තම දුව මහණ වීමට පොරොන්දු දී ඇති බවත් ඇය එසේ නොකලහොත් මරණයට පත් වනු ඇති බවද කියා සිටියාය.

ඉන්පසු සුළුමව විසින් මේ දැරිය එක් ටැම් කුළුනක සිර කර තබනු ලැබීය, ඇගේ පාලිකාව වූ මහලු ස්ත්‍රියට පවා ඈ දැකුමට ඉඩ නොදුන්නාය. සුළුමවගේ කැමැත්තට එකඟ වන තුරු කටුක වූත් ශීත වූත් ගල් පොලොවේ නිදීමටත් දිවි රැකුමට පමණක් වූ සුලු ආහාරයකුත් දෙනු ලැබීය. ඒ දුක් ඉවසනු නොහැකිව, ඈ නිදහස් කරනු පිණිස ඩයානා යැද සිටියාය. හෝ, එවිටම ඇගේ සිර කුටියේ අගුලු හැරිණි, ඈ පහසුවෙන්ම ගැලවී ගියාය. ඒ අසලම දමා ගොස් තිබූ වන්දනා කරුවෙකුගේ කබායක් හැඳගත් ඇය ඉතා ඈත පෙදෙස් බලා ගියාය.

ඈ ගිය ගමනේ හමුවූ පීඩා කරනු ලැබූ හා දුකට පත් වූ බොහෝ දෙනාට පුරාණ ඇදහීම වූ චන්ද්‍රයාගේත්, සුරදූතියන්ගේත් රැජින වූ ඩයානා ගැන කියා දුන්නාය. ඇගේ නුවණත් රූ සපුවත් ගැන දේශය පුරා පතල විය, බොහෝ ජනයා ඇයට ගෞරව කලහ, "යහපත් වන්දනාකාරිය" යන නමින් ඈ හැඳින්වින.

අවසානයේ ඈ පිළිබඳ පුවත ඇගේ සුළුමවගේ කණටද පැමිණියේය. මේ පුවත ඇයට පෙර නුවූ තරම් වූ කෝපාග්නියක් ගෙනාවේය. කෙසේ හෝ උත්සාහ ගෙන ඇය තම සුළුදියණිය අත්අඩංගුවට ගෙන සිර කර තැබිය. අවසාන වතාවටද ඇගේ සුළුමව ඇගෙන් මහණ වීමට කැමතිදයි ඉතා රෞද ලෙස අසා සිටියාය. ඈ එයට එකහෙලා විරුද්ධ විය.

ඒ අසා තම සුළුදියණිය කෙරෙහි තිබූ සියලු හැඟීම් අත් හැර, ඈ වධ දී මරා දමනු පිණිස පූජකයින්ට බාර කලාය. ඒ කාලයේ පූජකයින්ගේ අදහස් වලට එකඟ නුවූ හා ඔවුන්ගේ ඇදහීමෙන් ඉවත් වූ සියලු දෙනාටම අත් වූයේ එම ඉරණමමය. නමුත් මෙ අසා බොහෝ ජනයා දුක් වූහ, මක්නිසාදයත් ඔවුන් ඈගේ රූ සපුවත් යහපත් භාවයත් කෙරෙහි ඉතා ලැදි වූවෝහුය.

කෙසේ හෝ ඇයගේ ප්‍රේමවන්තයාගේ උදව්වෙන් ඔවුන් අන්තිම කැමැත්ත වශයෙන් ඇයට මරණ දණ්ඩනයට පෙර දින රාත්‍රියේ රකවලුන් මැද තම මන්දිරයේ උද්‍යානයේ ඇවිදීමට අවසර ලබා ගත්තෝය. එම පුර සඳ පායා තුබූ රාත්‍රියේ ඈ උද්‍යානය මැද සඳ එලියේ දණ නමා තම ජීවිතය ගලවන්නැයි ඩයානා දේවතාවිය යැද සිටියාය. මේ අතර ඇගේ සුළුමවද පූජක වරුද මන්දිරය තුල සිට ඈ ගැලවී පැනයාවීදෝ යි බලා සිටියහ.

හෝ, එවිටම හදිසියේ මින් පෙර මනුශ්‍යයින් නොදුටු තරමේ දැඩි කුණාටුවක් හටගත්තේය. එම සුලඟට මුලුමහත් මන්දිරයත් ඒ තුල සිටි සෙනඟ සමඟම ගසාගෙන ගියේ ය. ගලක් පිට තව ගලක් නොසිටින සේම, එහි සිටි කිසිවෙකුගේ ජීවිතයක් ඉතිරි නොවන සේම විනාශ වී ගියේය, ඈ සහ ඇගේ ප්‍රේමවන්තයා පමණක් ඉතිරි විය. ඔවුන් විවාහ වී බොහෝ කාලයක් සතුටින් ජීවත් වූහ.

ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව.

අරඩියා යනු මායාකාරීන්ගේ දේවවාක්‍ය (The Gospel of the Witches / ඉතාලි - Il Vangelo de la Strega) ලෙස හැඳින්වෙන පොතකි මෙය සම්පාදනය කරන ලද්දේ චාල්ස් ගොඩ්ෆ්‍රි ලේලන්ඩ් නම් ලේඛකයෙකු විසින් මැඩලේනා නම් කාන්තාවක් විසින් දෙන ලද අත් පිටපතකට අනුවය. මෙහි අඩංගු සාහිත්‍යය ඉතාලි ස්ට්‍රෙගා (Strega) සම්ප්‍රදායට අයත් වේ. මෙහි අවසාන කොටසේ ඇති සමහර කරුණු ගාර්ඩ්නේරියානු සම්ප්‍රදායේ ආඥාව (The Charge) යන පූජා විධියට බොහෝ සමීපකමක් දක්වයි.
මෙහි පරිවර්තනය කර දැක්වෙන්නේ එහි පලමු පරිච්ඡේදයයි.

මායාකාරීන්ගේ දේවවාක්‍ය

1. ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව.

ඩයානා ඇගේ සොහොයුරා වූ ලුසිෆර්ට මහත් සේ ආලය කලාය; ලුසිෆර් නම් සූර්යයාටත් චන්දයාටත් අධිපති දේවතාවාය, ආලෝකය සහ මහත් බවට අධිපති දේවතාවාය; තම රූපශ්‍රීය නිසා උදම් වුයෙන් පාරාදීසයෙන් පිටුවහල් කරනු ලැබීය. ඩයානා ට ඇගේ සොහොයුරාට දාව දූ කුමරියක් උපන්නාය. ඇයට ඔවුන් අරඩියා යන නම තැබීය.

එකල්හී පොලොවෙහි බොහෝ ධනවත් මිනිස්සු හා බොහෝ දුක්පත් මිනිස්සු වූහ. ධනවතුන්, සියලු දුප්පත් මිනිස්සු වහල් කමට ගත්තෝය.

එකල්හී ධනවතුන් විසින් ඉතා නපුරු ලෙස පීඩා කරනු ලැබූ බොහෝ වහල්ලු විය. මහා මැදුරු වල වධකාගාරද, මාලිගා වල සිරගෙවල් ද විය.

එකල්හී ගැලවී පලා ගිය බොහෝ වහල් ජනයා ඈත ගම් දනව් වල පදිංචි විය, ඔවුන් සොරුන් හා බොහෝ දරුණු පුද්ගලයන් විය. රාත්‍රියේ නිදනු වෙනුවට ඔවුන් කුමන්ත්‍රන කර තම ස්වාමීන් මරා වස්තු ද සොරා ගෙන පලා ගියහ, වහල් බවට නොකැමති නිසායෙන්ම කඳුකරයේත් වනාන්තරයේත් සොරුන්, මංපහරන්නන් හා මිනීමරුවන් ලෙස ජීවත් විය.

ඩයානා, ඇගේ දියණිය අරඩියා අමතා මෙසේ කීය...

නුඹ, සත්‍යයෙන්ම දේවාත්මයකි, නමුත් නුඹ උපන්නේ නැවත මනුශ්‍ය භාවය ලබන්නටයි; මනුශ්‍ය ලෝකයට ගොස් නුඹගේ පාසැලේ මායා මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙනුමට රිසි ගැහැනුන්ට සහ පිරිමින්ට ගුරුවරිය විය යුතුයි.
E vero che tu sei uno spirito, Ma tu sei nata per essere ancora, Mortale, e tu devi andare Sulla terra e fare da maestra A donne e a’ uomini che avranno Volentà di inparare la tua scuola Che sara composta di stregonerie.

නුඹ, "කයින්" ගේ දියණිය මෙන් නොවිය යුතුය, ඉතා නපුරු වූත් දුක් ගෙන දෙන්නා වූත් සොරුන්, මංපහරන්නන් සහ කපටීන් වූ යුදෙව්වන්ට හෝ අහිකුණ්ඨිකයින්ට නූගැන්විය යුතුය.
Non devi essere come la figlia di "Caino", E della razza che sono devenuti Scellerati infami a causa dei maltrattamenti, Come Giudei e Zingari, Tutti ladri e briganti, Tu non divieni...

නුඹ සියලු මායාකාරීන් අතර අග්‍ර වේ, ලෝකයේ සියල්ලන්ටම අග්‍ර වේ. {සමහර කොටස් ඉවත් කර ඇත}
Tu sarai (sempre) la prima strega, La prima strega divenuta nel mondo, Tu insegnerai l’arte di avvelenare, Di avvelenare (tutti) i signori, Di farli morti nei loro palazzi, Di legare il spirito del oppressore, E dove si trova un contadino ricco e avaro, Insegnare alle strege tue alunne, Come rovinare suo raccolto Con tempesta, folgore e balen, Con grandine e vento.

යම් කිසි පූජකයෙක් ඔහුගේ දේශනයෙන් ඔබට යම් පීඩාවක් කරයිද, ඔහුට එම පීඩාව දෙගුණ කර දෙන්න; එය මාගේ නාමයෙන්, එනම් "සියලු මායාකාරීන්ගේ රැජින වන ඩයානා" ගේ නාමයෙන් කරන්න. යම් කිසි පූජකයෙක් හෝ ධනවතෙක් ඔබට ඔවුන් "ගේ පීතෘත් පුත්‍රයාත් සහ මාරියා ත් ගැන අදහාගනනුව"යි කියයි නම්, "තොපගේ දෙවියන් ද පීතෘ ද මාරියා ද යක්ශයින් තුන් දෙනෙකි" යි පිලිතුරු දෙන්න. "තොපගේ දෙවියන් සත්‍ය වූ දෙවියන් නොවේ, මා පැමිණියේ නපුරු වූ දුර්ජනයා අතුගා දැමීමටයි, විනාශ කිරීමටයි!"
Quando un prete ti fara del male, Del male colle sue bene di "Zioni, Tu le farei (sempre) un doppio male Col mio nome, col nome di /Diana/, Regina delle streghe..."
Quando i nobili e prete vi diranno Dovete credere nel Padre, Figlio, E Maria, rispondete gli sempre, “Il, vostro dio Padre e Maria Sono tre diavoli... Il vero dio Padre non e il vostro - Il vostro dio - io sono venuta Per distruggere la gente cattiva E la distruggero....

දුක්පත් වූ ද සාගතයෙන් පීඩිත වූද පීඩා කරනු ලැබූ හා සිරකර තැබූ ද මිනිසුනි, තොපටද ආත්මයක් ඇත, ඒ ආත්මයට පරලොවදී යහපතක් ම වනු ඇත, ඔබට පීඩා කල සියල්ලන්ටම වන්නේ නපුරක් ම ය.
Voi altri poveri soffrite anche la fame, E lavorato malo e molte volte; Soffrite anche la prigione; Mapero avete una anima, Una anima più buona, e nell’altra, Nell’altra mondo voi starete bene, E gli altri male.”...

ඉදින් ඈ අරඩියාට සියලු මන්ත්‍ර ශාස්ත්‍ර ද නපුර විනාශ කරන ආකාරයද උඟන්වා දී ශිශ්‍ය ශිශ්‍යාවන්ට මෙසේද කියන්නැයි කීවාය...

මා මේ ලෝකයෙන් සමු ගත් දිනෙක, ඔබට යම් කිසි හෝ උවමනාවක් වේ ද, පුර සඳ පායා ඇති දිනෙක කාන්තාර (පාලු) භූමියක හෝ වනාන්තරයක සියලු දෙනා රැස් වන්න. මාගේ මව වූත් ඔබේ රැජිනිය වූත් ඩයානා ගේ බලවත් වූ ආත්මය වන්දනා කරන්න. මායා මන්ත්‍ර ශාස්ත්‍ර සියල්ල ඉගෙනුමට රිසි වූත් එහි ගැඹුරු රහස් නොදත් ඇයට මාගේ මව ඒ සියල්ල කියා දෙනු ඇත.
Quando io saro partita da questo mondo, Qualunque cosa che avrete bisogna, Una volta al mese quando la luna E piena...
Dovete venire in luogo deserto, In una selva tutte insieme, E adorare lo spirito potente Di mia madre Diana, e chi vorra Imparare la stregonerie, Che non la sopra, Mia madre le insegnera, Tutte cose....

ඔබ සියලු දෙනාම සියලු බාධක වලින් නිදහස් වනු ඇත, එයට සංකේත වශයෙන් සියලු මිනිසුන් සහ ගැහැනුන් නිර්වස්ත්‍රව සිට වන්දනා කල යුතුය; ඔබට විරුද්ධ වන්නන්ගෙන් අන්තිමයාද මරණයට පත් වන තුරු මෙසේ කල යුතුය. ආලෝකය නිවා දමා ක්‍රීඩා කරන්න, ඉන් පසු ඔබේ භෝඡන උත්සවයද පවත්වන්න.
Sarete liberi della schiavitù! E cosi diverrete tutti liberi! Pero uomini e donne Sarete tutti nudi, per fino. Che non sara morto l’ultimo Degli oppressori e morto, Farete il giuoco della moccola Di Benevento, e farete poi Una cena cosi: