1. විකා (Wicca) සහ Witchcraft

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්‍ර සහ Witchcraft සම්බන්ධ අධ්‍යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්‍රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී.

මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි.

විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්‍යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය.

Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්‍රමවේදය හැඳින්වීමටයි.

විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්‍යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්‍රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්‍යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්‍රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්‍රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි.

මෙය බහු දේව වාදී ආගමකි. ප්‍රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්‍රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්‍රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ.

විකා අධ්‍යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්‍රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය.

Witchcraft ක්‍රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්‍රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්‍රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි.

3 comments:

Hansi said...

This website is amazing! It's wonderful that you have been able to provide so much information in sinhala.
I have been studying Wicca for almost a year. I consider myself a solitary witch but I have not had an initiation as such because I don't feel ready. I find it difficult to relate to so many rituals and beliefs because I'm from Sri Lanka. For example, I tried to celebrate Yule but it just doesn't work. I'm trying to find my own path. I hope this site will help me. Thank you and Blessed Be... )O(

Wiz Kun said...

Thank you! :-) I'm very happy to hear that you like my blog. I have written it to a free E book on Wikibooks. Also check my other blog, New Eastern Wicca. I was out of touch from Wicca lately. I would like to get to know you, I'm also in Sri Lanka. I think you would also like the research under New Eastern Wicca.

Wiz Kun said...

I Wish you a blessed Yule!