අධිමානසික-අභ්‍යාස වල දෙවන-පියවර ලෙස අප සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ සිත එක-අරමුණක තබාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමයි. සිත එක්-අරමුණක තබාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමෙන් (එදිනෙදා ජීවිතයේදී) අවබෝධ කරගැනීමේ හැකියාව සහ සිතුවිලි ගොඩනැඟීමේ හැකියාව වර්ධනයවේ. අධිමානසික-ක්‍රියාකාරකම් වලදීද මෙය ඉතාමත් ප්‍රයෝජනවත්වන මූලිකම දෙයකි.
තෙවන-ප්‍රවර්ගයේ ලිපිපෙල වන "Magick සහ චිත්ත-බලය (Psychic-powers)" අප වෙන්කරන්නේ අනුපිලිවෙලට සැකසූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහාය. මේවා අනුපිලිවෙලට පෙලගස්වා ඇත්තේ ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් සඳහා ඊට පහල මට්ටමේ ක්‍රියාකාරකම් වල නිපුණතාවය අත්‍යාවශ්‍ය වන නිසාය. ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් කිරීමට අපහසුනම් නැවත මූලික ක්‍රියාකාරකම් වලට පැමිණ ඒවායේ නිපුණතාවය ලැබියයුතු වේ. කෙසේවුවද ඉහල මට්ටමේ ක්‍රියාකාරකම් ඉඟෙනීමේදීද නිරන්තරයෙන් මූලික අභ්‍යාස වල නිරත වී හැකියාව "පවත්වාගත යුතු" වේ.
Magick සහ අධිමානසික ක්‍රියාකාරකම් සඳහා ඉතාමත් වැදගත් වන්නේ චිත්ත රූප (Visualization) පවත්වා ගැනීම සහ ශක්තිය පාලනය (Energy manipulation) කිරීමයි. ශක්තිය පාලනය කිරීමටද චිත්ත රූප මහෝපකාරී වේ. චිත්ත රූප සඳහා මානසික ඒකාග්‍රතාවය උපරිම අන්දමින් අවශ්‍ය වේ. ඒකාග්‍රතාවය සඳහා මනස ඉහිල් කිරීම උදවු වේ.
මනස ඉහිල් කිරීම (Relaxation) | -> | චිත්ත ඒකාග්‍රතාවය (Concentration) | -> | චිත්ත රූප (Visualization) | -> | ශක්තිය පාලනය (Energy manipulation) |
High Magick, Ceremonial, Ritual Magick, Elemental Magick, Chaos, Sigilization වැනි ඕනෑම ගුප්ත ශාස්ත්‍ර විශය ක්ෂේත්‍රයකට හෝ අවතීර්ණ වීමට මෙම දැනුම හා කුසලතා මූලික වේ.
චිත්ත ඒකාග්‍රතාවය සඳහා අප තෝරාගන්නේ අර්ථයක් රහිත, සරල සහ නිශ්ක්‍රීය අරමුණකි. පසුව චිත්ත රූප පිලිබඳ අභ්‍යාස වලදී මේ වෙනුවට (සංකීර්ණ) චිත්ත රූපයක් ආදේශ කල හැක.
මේ සඳහා මුලින්ම ඉහිල් කිරීමේ (Relaxation) අභ්‍යාස පුහුණු කර තිබිය යුතුය. ශරීරය සහ මනස හැකිතරම් ඉහිල් කිරීමෙන් පසුව මෙය ආරම්භ කල හැක. නමුත් සිත සම්පූර්ණයෙන්ම හිස් කිරීමට උත්සාහ ගැනීම අවශ්‍ය නොවේ. මුලින්ම භාවනා කිරීම සඳහා අරමුණක් (Object of concentration) තෝරා ගත යුතුය. මේ සඳහා ඉටිපන්දම් දැල්ලක්, බිත්තියක ඇඳි තිතක්, ජල බිඳුවක්, වර්ණ කඩදාසි වෘත්තයක් හෝ හුදෙක් සිතුවිල්ලක් හෝ ශබ්දයක් වුවද තෝරාගත හැක. වඩාත්ම වැදගත් වන්නේ ඔබ තෝරාගන්නා අරමුණ සමඟ ඔබට එක අරමුණක සිටීමට පහසු වීමයි.
1 comment:
පුද්ගලිකව අත්දකින්ට ලැබුනු බෙහොමයක් කරුණු මෙහි අඩංගුවතිබුනා. සෑම විටම මනස හා සම්බන්ද කාරනාවලදී ප්‍රත්‍යක්ෂ අවබෝදයෙන් ලබන දැනුම පමණක් භාවිත කලයුතු නිසා. ඔබේ සටහන් අනුව ඔනෑම අයෙකුට අදිමානසික හැකියා අත්දැකීමට ලැබෙනු ඇතැයි සිතමි.
Post a Comment