Showing posts with label Magick. Show all posts
Showing posts with label Magick. Show all posts

පටුන

හැඳින්වීම

1. විකා (Wicca) සහ Witchcraft

2. විකා වල ඉතිහාසය

3. විකා (Wicca) සහ Witchcraft වල පසුබිම

4. විකා (Wicca) සහ Witchcraft ඇදහිලි

5. විකා දහමේ ප්‍රධාන ඉඟැන්වීම් පහ

6. Wicca -> Witchcraft සහ Magick

7. Wiccan Rede, (විකා දහමේ මූලිකම ඉඟැන්වීම සහ ශික්‍ෂණය)




පූජා-කර්ම සහ අභිචාර

1. ඔබ සැමට අසිරිමත් Samhain සංවත්සරයක් වේවා!

2. විකා - පූජාකර්ම

3. විකා - අල්තාරය සහ වෘත්තය




විකා, සාහිත්‍යය

1. ආඥාව (The Charge)

2. ඩයානා ගේ දුව වූ අරඩියා ගේ උත්පත්ති කථාව.

3. චන්ද්‍රාරාධනය (සහ පංචවිධ සිපාචාරය) - Drawing Down the Moon (and The Fivefold Kiss)

4. ...

5. යහපත් වන්දනාකාරිය සහ කුණාටු ගෙදර (La Bella Pellegrina della Casa al Vento)




Magick සහ චිත්ත බලය (Psychic powers)

1. Magick සහ චිත්ත බලය (Psychic powers) හැඳින්වීම

2. චිත්ත බලය 1 - මනස පාලනය (Mind Control)

3. චිත්ත බලය 2 - චිත්ත ඒකාග්‍රතාවය (Concentration)

3. චිත්ත බලය 2.5 - භාවනාවේ ගැටලු සහ පිළිතුරු

4. චිත්ත බලය 3 - චිත්ත රූප (Visualization)




Misc...

Wicca සහ Witchcraft ගැන ලියවුනු හොඳ පොත් මොනවාද!



5. Wicca -> Witchcraft සහ Magick

විකා වල Witchcraft ගැන කියන විට විෂේශයෙන් මතක් කල යුතු පුද්ගලයෙකි ඇලියෙස්ට ක්‍රව්ලි (Aliester Crowley). ගාර්ඩ්නර් ගේ සමීප මිත්‍රයෙක් වන මොහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ විෂේශඥයෙකි. ක්‍රව්ලි ගේ මූලික විශය පථය වූයේ දර්ශනය සහ සාහිත්‍යයයයි. ඒ කේම්බ්‍රිජ් විද්‍යාලයේදීය. නමුත් 1896 කාලයේ සිදුවූ යම් සිදුවීමක් හේතුකොටගෙන ඔහු ගුප්ත ශාස්ත්‍ර පිලිබඳ අධ්‍යයනය කරන්නට පටන්ගත්තේය. විකා වල ඇති Witchcraft සහ Magick සම්බන්ධ බොහෝ තාක්ශනික කරුණු එකතු කරන ලද්දේ මොහු විසිනි.

Magick (k සමඟ) යන වචනය (සාමාන්‍ය Magic වලින් වෙන් කර හැඳින්වීම සඳහා) හඳුන්වා දුන්නේද ක්‍රව්ලි විසිනි. ඇලියෙස්ට ක්‍රව්ලි විසින් හඳුන්වා දුන් Magick යනු චිත්ත බලයෙන් යතාර්ථය වෙනස් කිරීමේ ශිල්පයයි. මෙය ගුප්ත ශාස්ත්‍ර වලට අයත් විශයයකි.
Magick, "සාම්ප්‍රදායික Witchcraft" සමඟ කිසිදු සම්බන්ධයක් නැති අතර විකා වලද මෙයට හිමි වන්නේ දෙවන තැනයි. විකා මෙන්ම "සාම්ප්‍රදායික Witchcraft" ද ආගමික ඇදහීමකි.

එමෙන්ම Magick යනු කිසි විටෙකත් ආශ්චර්යයන් සිදු කල හැකි ක්‍රමයක් නොවේ. එමගින් සූර්යග්‍රහණයක් වැනි දෙයක් සිදු කල නොහැක. භෞතික විද්‍යා නියම වෙනස් කල හැකි දෙයක් මේ තුලින් කල නොහැක. විශ්වයේ පවතින නීති තුල සිට, සිදු කල හැකි සියුම් වෙනස් කිරීම් මගින්, සිද්ධියක් ඇතිවීමේ සම්භාවිතාවය වැඩි කිරීම වැනි දේ කල හැක.
අප අවට පරිසරයේ ඇති සියලුම වස්තූන් සහ ඒවාට සම්බන්ධ සිද්ධීන් හේතු ප්‍රත්‍යය වශයෙන් එකිනෙකට සම්බන්ධව පවතී. එම නිසා ඕනෑම සිදු වීමක් තවත් සිදු වීමකට යම් කිසි ආකාරයකින් බලපෑමක් සිදු කරයි. මෙසේ සියල්ලක්ම අන් සියල්ලකටම සම්බන්ධ වී ඇති නිසා සෑම සිදු වීමක් ම අනන්ත වශයෙන් සංකීර්න වූ සම්භාවිතාවයක් සහිත වේ. මෙය Chaos ලෙස හැඳින්වෙන අතර මේ සම්බන්ධ දේ Chaos Magick වලට අයත් වේ.

Magick යනු අධිශ්ඨාන බලයෙන් පාලනය වූ ස්වාභාවික සිදු වීමකි. ක්‍රව්ලිගේම වචන වලින් කිවහොත් මිනිසෙක් සොටු සීරීම පවා Magickal ක්‍රියාවලියකට උදාහරනයකි :)

මෙහිදී වඩා වැදගත් වන්නේ පුද්ගලයෙකුගේ හැඟීම්, අධිශ්ඨාන ශක්තිය සහ අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය එකට එකතු කිරීමය. ඒ සඳහා භාවනා ක්‍රම වලින් සිත දියුනු කල යුතුය. එමෙන්ම වචන සහ ශබ්ද වල ශක්තිය, ජ්‍යාමිතික හැඩතල, ඇඳීම් ද උදව් කර ගත හැක.

Magick යනු අභ්‍යන්තර ජීව ශක්තිය, චිත්ත ශක්තිය සහ ස්වාභාවික ශක්තීන් චලනය කිරීම මගින් අප අවට පරිසරයේ ඇති වස්තූන් සහ සිදුවීම් අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමය. මෙය අස්වාභාවික හෝ අමුතු දෙයක් නොව ඉතා ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මනස සහ අධිශ්ඨානයයි.
මෙහි මූලිකවම අවධානය යොමු කල යුතු අංගයන් වන්නේ...
* සැහැල්ලු වීම
* චිත්ත ඒකාග්‍රතාව
* මනසින් දැකීම
මේ සම්බන්ධ වැඩිදුර විස්තර ඉදිරියේදී සාකච්චා වේ.

Magick සහ චිත්ත බලය (Psychic powers) හැඳින්වීම

Magick යනු අධිශ්ඨාන බලය (Will), චිත්ත බලය (Psychic power) තුලින් ස්වාභාවික ලෝකයේ වෙනසක් සිදු කිරීම බව මීට පෙරත් අප සාකච්චා කලෙමු. එහි මූලධර්ම සම්පූර්ණයෙන්ම ස්වාභාවික සහ ප්‍රායෝගික වේ. නිවැරදි ක්‍රමයට අනුව නිතර පුහුණු වීමෙන් මින් බොහෝ ප්‍රයෝජන ගත හැක. මෙහි මූලිකම සිද්ධාන්ත වල සාරාංශය නම් විශ්වයේ පවතින ශක්තියත්, ජීව ශක්තියත් අපගේ චිත්ත රූප, අධිශ්ඨාන ශක්තිය හා මුසු කර මුදා හැරීමෙන් භෞතික ලෝක තලයේ වෙනස් කම් කල හැකි බවය.

මේ සඳහා අපට අවශ්‍ය වන වැදගත් ම උපකරණය වන්නේ අපගේ සිතයි. සිත දියුණු කිරීම තුලින් අප ජීව ශක්තියත් විශ්වයේ ශක්තියත් මනසේ පාලනයට නතු කර ගත හැක. මේ සඳහා වන භාවනා ක්‍රම ඉදිරි ලිපි වලින් පල වනු ඇත. මෙහිදී ශක්තිය යන වචනයෙන් අදහස් වන්නේ භෞතික විද්‍යාවේ හැඳින්වෙන ශක්තිය නොව අප සිරුරේ පවතින ජීවයයි. භෞතික ඉන්ද්‍රීයයන්ගේ සංවේදන මට්ටම ඉක්මවා මනස සුසර කල විට අප සිරුරේ ජීවය එය තුලින්ම සංවේදනය කල හැකි වේ. එය සංවේදනය වන්නේද අප ජීවයටමය. ඒ කෙසේද යත්, උදාහරණ වශයෙන් අප අත මිට මෙලවූ විට අත දැනෙන්නේ අතටමය.

Magick වල සාමාන්‍ය ක්‍රියාවලිය නම් අවට පරිසරයෙන් ශක්තිය තමා තුල ජීව ශක්තියට ඇද ගැනීමත්, ඉන්පසු එය චිත්ත රූප (Visualization) සමඟ එක් කිරීමත් ය. (මීට අමතරව වෙනත් තාක්‍ෂණික ක්‍රම ද එකතු කල හැක). අවට පරිසරයෙන් ශක්තිය ඇද ගැනීමට භාවිතා වන ක්‍රමයත් පදනම් වන්නේ චිත්ත රූප වලට මනස අරමුණු කිරීමයි. නමුත් මෙම ක්‍රමය හුදෙක්ම චිත්ත රූප අරමුණු කිරීමක් පමණක් නොව, ක්‍රමවත්ව ශක්තිය මුදා හැරීමකි. ඒ සඳහා ක්‍රමවත් ව මනස පුහුණු කල යුතුය. මෙම ක්‍රමය තුලින් හුදෙක් චිත්ත රූප අරමුණු වලට වඩා ප්‍රබල ප්‍රතිඵල ලැබිය හැක.

මෙය ඉතා ප්‍රායෝගික සහ පර්යේශනාත්මක (Practical and Experimental) විශයයකි. එම නිසා එක් නිවැරදි ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි මූලධර්මයක් පෙන්වා දිය නොහැක. බොහෝ දෙනා විසින් අත්හදා බලා සනාථ කර ගත් ක්‍රම වඩා ජනප්‍රිය වී ඇත. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සාර්ථක වන ක්‍රමවේදය හෝ තාක්ශණය වෙනස් විය හැක. එම නිසා විවිධ ක්‍රම සහ විකල්ප අධ්‍යයනය කර තමාට වඩා සාර්ථක වන ක්‍රමය සොයාගැනීම වැදගත් වේ.

මේ විශය සම්බන්ධව ගැඹුරට හැදෑරීමට කැමති කෙනෙක් වේ නම් ඒ සම්බන්ධව තමා විසින් සොයාගත් කරුණු, ප්‍රගතිය සහ අත්දැකීම් සටහන් කර තබාගැනීමට විෂේශ පොතක් (Journal) තබාගත යුතුය. එවිට තමාගේ ප්‍රගතියත් වඩා සාර්ථක වූ ක්‍රමත් හඳුනාගැනීමට හැකිවේ. සාමාන්‍යයෙන් මෙවැනි පොතක් හඳුන්වන්නේ බුක් ඔෆ් ෂැඩෝස් (Book Of Shadows - BOS) නමිනි. මෙය සාමාන්‍ය සටහන් පොතකට වඩා විශේෂ ලෙස සකසා ආරක්ශිතව තබා ගැනීම වැදගත් වේ.

සෑම බලයකටම ප්‍රමාණයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් බලයක් ඇත යන්න භෞතික විද්‍යාවේ නියමයකි. එමෙන්ම අප විසින් කරන සියලුම ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබෙන බව ලෝකයේ ස්වාභාවයයි. එය කර්මය නමින් ද හඳුන්වයි. විකා වල ඉඟැන්වීමට අනුව අපගේ ඕනෑම ක්‍රියාවක් තුන් ගුණයකින් වැඩිවී නැවත පැමිනේ. මෙය Theefold Law / Law of Three ලෙස හැඳින්වේ. ලෝකයේ කිසිම තැනක කර්මයේ ප්‍රතිවිපාක වලින් වැලකී සිටිය නොහැකි බවද කියැවේ. අප විසින් කුමන ක්‍රමයක් භාවිතා කලද ක්‍රියාවන්ට ප්‍රතිවිපාක ලැබේ. එම නිසා මෙම ක්‍රම භාවිතා කිරීමේදී එය තවත් පුද්ගලයෙකුට හානියක් කිරීමට භාවිතා කිරීමෙන් වැලකිය යුතුය. අනෙක් අයට යහපතක් කිරීමෙන් තමාටත් යහපතක් සැලසේ.

භෞතික ලෝකයේ වස්තුවක් චලනය කිරීමේදී කුඩා වස්තුවක් සඳහා අඩු බලයක් ප්‍රමාණවත් වුවද, වඩා විශාල වස්තුවක් සඳහා වැඩි බලයක් යෙදීමට අවශ්‍ය වේ. ඝර්ශණය සහ ප්‍රතිරෝධී බල ද මීට එකතු වේ. වස්තුවක් චලනය වීමට දක්වන ප්‍රතිරෝධය ගම්‍යතාවය (Momentum) ලෙස භෞතික විද්‍යාවේදී හැඳින්වේ. Magick වලද යම් කිසි ක්‍රියාවක් සඳහා යෙදිය යුතු ශක්ති ප්‍රමාණය ඒ ඒ ක්‍රියාවේ ස්වාභාවිකව සිදු වීමට ඇති සම්භාවිතාවය අනුව වෙනස් වේ. මෙය Magickal Momentum ලෙස හැඳින්වේ. තනි පුද්ගලයෙකුගේ භෞතික ශරීරයට දරාගත හැකි මට්ටමට වඩා ශක්තියක් භාවිතා වන ක්‍රියාවන් සිදු කිරීමෙන් නොයෙක් ආකාරයෙන් ආබාධ වලටද ගොදුරු විය හැකි නිසා මෙය ක්‍රමවත් ව සිදු කල යුතුය.